ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනු කමිටුවල වාර්තා පිළිගැන්වීම පසුගිය දා සිදු වුණා. ඒ තුළ විශේෂ අවධානයක් මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභා වාර්තාව වෙත යොමුව තිබෙනවා. ඒ ගැන කතා කිරීමට පෙර, මේ මොහොතේ ලෝකය තුළ මූලික අයිතිවාසිකම්වල තත්ත්වය ගැන සංසන්දනාත්මක හැඳින්වීමකින් මේ කතා බහ ආරම්භ කරමු?

අපේ රටේ දැන් තිබෙන ව්‍යවස්ථාව 1978 ඉදිරිපත් වුණේ. ඒ කාලේ ලෝකයේ තිබුණ අනෙක් ව්‍යවස්ථා දිහා බලපුවහම අපිට පොදු කාරණා කිහිපයක් දකින්න පුළුවන්.

Read more ...
Write comment (0 Comments)

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් මූලික කටයුතු සිදු වෙමින් ඇති පසුබිමේ අපේ මේ සූදානම ඔබ සමඟ නව ව්‍යවස්ථාව හමුවේඅධිකරණ පද්ධතිය පිළිබඳ කතා කරන්න. මේ වෙනකොට අධිකරණය ස්වාධීන ද යන ප්‍රශ්නය බරපතළව සමාජය තුළ වර නැගෙමින් තියෙනවා?

Read more ...
Write comment (0 Comments)

මහාචාර්ය කමිනා ගුණරත්න, නීති පීඨය, විවෘත විශ්වවිද්‍යාලය

පවතින 78 ව්‍යවස්ථාවේ අයිතිවාසිකම් ලෙස අන්තර්ගතව තිබෙන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණයි. නව ව්‍යවස්ථාවක් පිළිබඳ කතා බහ තුළ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වලට අමතරව සමාජ සහ ආර්ථික අයිතිවාසිකම් ද නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවට අදහසක් පැමිණ තිබෙනවා. ඒ වගේම ඊට ප‍්‍රතිවිරුද්ධවත් අදහස් මතුවෙමින් තිබෙනවා. මේ විවාදය තුළ ඔබ නියෝජනය කරන්නෙ කවර පාර්ශ්වයද?

Read more ...
Write comment (0 Comments)

මාස 18 ක් මුළුල්ලේ කෝප් කමිටුව කුස තුළ හොවා උන් මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳ විමර්ශනය විළිලන අවස්ථාව වැදුම්ගෙයි සන්නියක් බවට පත් විය. වැඩි අටුවා ටීකා නොමැතිව එය අළලා සිදු කෙරෙන මේ කතාබහ කෝප් කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක (ජාතික නිදහස් පෙරමුණ) සමඟින්ය.

Read more ...
Write comment (0 Comments)

වත්මන් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පවා 2 පරිච්ඡේදයේ බුද්ධාගම විශේෂ කොට සලකා තිබෙනවා. මෙය ජනවාර්ගික සමඟිය සම්බන්ධ කාරණයට මොන විදිහට බලපෑමක් සිදු කරනවද? අපි එතැනින් මේ කතාබහ ආරම්භ කරමු?

මහ ජාතියේ වැඩිම පිරිසක් අදහන නිසා තමයි ඔහොම සිදු වෙලා තියෙන්නෙ. එය යථාර්ථයක්. බොහෝ රාජ්‍යවල ඔය තත්ත්වය තමයි තියෙන්නෙ. කිසියම් හෝ ආගමක් ඔවුන් මූලික කරගෙන තිබෙනවා. ඔබාමා ජනාධිපතිවරයා පවා තමන්ගේ කතා අවසන් කරන්නෙ දෙවියන් වහන්සේ ගැන කියලා. ඒ එරට ප්‍රධාන ආගම බවට ක්‍රිස්තියානිය පත් වෙලා තියෙන නිසා. ඉතින් ලෞකික රාජ්‍යයක් නම් එහෙම කියන්නත් බෑ නේද කියලා ප්‍රශ්න කරන්නට කෙනෙකුට පුළුවන්. කොහොම හරි පවතින්නෙ එහෙම තත්ත්වයක්.

Read more ...
Write comment (0 Comments)

(සභාපති- ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය)

වත්මන් ව්‍යවස්ථාවේ 4 වන පරිච්ඡේදය වෙන් කරන්නෙ භාෂාව වෙනුවෙන්. නමුත් ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට එහි සඳහන් ප්‍රතිපාදන ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නෑ. ඊට අදාළ ඉතිහාසයක් ද තිබෙනවා. අපි ඒ ඉතිහාසයෙන් මේ කතා බහ ආරම්භ කරමු?

Read more ...
Write comment (0 Comments)

රට තුළ නව ව්‍යවස්ථාවක් සම්බන්ධ සංවාදය උණුසුම් වන මොහොතක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ යෝජනා කරන්නේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රටේ සිදු වන සංවාදය අර්ථ විරහිත බවත් ඒ වෙනුවට වඩාත් වැදගත් වන්නේ අයිතිවාසිකම් පනතක් ගෙන ඒම බවය. මේ ඒ පිළිබඳ ඔහු සමඟ සිදු කළ සාකච්ඡාවකි.

Read more ...
Write comment (0 Comments)

පාර්ලිමේන්තු මන්ත්‍රී - දෙමළ ජාතික සන්ධානය (TNA)

නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් වැඩපිළිවෙළක් දියත්ව ඇති පසුබිමක් පෙනෙන්නට තියෙනවා. නමුත් ඇතැම් පාර්ශ්ව මතුකරනවා නව ව්‍යවස්ථාව කියන්නෙ රට බෙදන, ස්වෛරීත්වයට හානි කරන මර උගුලක් කියලා. අපි කැමැතියි  රටට මේ මොහොතේ නව ව්‍යවස්ථාවක් ඕන ද කියන තැනින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න?

Read more ...
Write comment (0 Comments)

78 ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ලෙස ඇතුළත් කර තිබෙන්නේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් පමණයි. නමුත් ලෝකය මූලික මිනිස් අයිතිවාසිකම්වලට අදාළව ඊට එහා ගමනක් ගිහින් තියෙනවා. රටට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන කතා බහ තුළ මේ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම්වලින් එහා ගිය මූලික අයිතිවාසිකම් වෙත යා යුතුව ඇති බවට යෝජනා වෙනවා. අපි එතැනින් මේ කතා බහ ආරම්භ කරමු?

Read more ...
Write comment (0 Comments)