මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය?

බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් හුස්ම හෙළන තුරුම පටන් ගත්ත වැඩ කොටසේ අවංකවම යෙදෙනවා.

Read more ...
Write comment (0 Comments)

මෙවර ජවිපෙ මැයි දින තේමාව වුණේ ” නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජනබලය ගොඩනගන රතු මැයි රැලිය”. මේ කියන නව ආර්ථිකය මොකක්ද?

Read more ...
Write comment (0 Comments)

එජාප මාධ්‍ය අංශ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ක‍්‍රිෂාන්ත කුරේ මහතා, පසුගිය දා හිල්ටන් හෝටලයේ සභාපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය. නව තනතුර භාර ගැනීමෙන් පසු ඒ පිළිබඳව හා රටේ දේශපාලනයට අදාළ කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ක‍්‍රිෂාන්ත කුරේ මහතා සමඟ ‘සත්හඬ’ පැවැත්වූ කතාබහකි මේ.

Read more ...
Write comment (0 Comments)

71 අරගලයේ ක‍්‍රියාකාරිකයකුව සිටි ඔහු ඉන් අනතුරුව ජවිපෙන් ඉවත්ව විකල්ප දහරාවේ මාධ්‍යවේදියකු, මාධ්‍ය සංවිධාන ක‍්‍රියාකාරිකයකු හා මානව හිමිකම් ක‍්‍රියාකාරිකයකුව කටයුතු කරමින් සිටී. ලංකාවේ වත්මන් දේශපාලනය සහ ආණ්ඩුවේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අප ඔහු සමඟ සම්මුඛ විය. මේ එහි සංක්ෂිප්ත සටහනයි.

Read more ...
Write comment (0 Comments)

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රධාන ලේකම්වරයෙකි. 1971 අරගලයේ ද නායකයෙකි. එම අරගලයට දැන් වසර 45 කි. ඔහු සමඟ කරන මේ අභිමුඛ වීම එදා ජවිපෙ හා අද ජවිපෙ භාවිතාව පිළිබඳව ය.

Read more ...
Write comment (0 Comments)

පත්තර අවසන් - මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය යුගයය කියා පසුගිය කාලයේ සමහරු කීවෝය. එහෙත් එය මිත්‍යාවකි. පත්තර අවසන් වී නැත. මුද්‍රිත මාධ්‍ය යුගය එතරම් ලෙහෙසියෙන් අවසන් නොවෙතත් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය විවිධ පෙළහර පාමින් සිටියි.

Read more ...
Write comment (0 Comments)

එක් පියවරක්... පියවර දහසක ඇරඹුමක්. පියවර දහසක් තැබූ මිනිසෙක් නැවතත් අලූ‍තින් පියවර තබන්නට පටන් ගෙන තිබිය දී අපට ඔහු හමු විය. දැන් ඔහු ගමන් කරන්නට පටන් ගෙන අහවරය.

Read more ...
Write comment (0 Comments)

සාමාජවාදී තරුණ සංගමයේ ආරම්භය සහ ඉතිහාසය ගැන අපි මුලින්ම යමක් දැනගන්න මනාපයි?

සමාජවාදී තරුණ සංගමය කියන්නේ අද ඊයේ පටන් ගත්ත ව්‍යාපාරයක් නොවෙයි. හරියටම ගත්තොත් 1979 දෙසැම්බර් 31 වනදාත් 1980 ජනවාරි 01 වනදාත් කියන දවස් දෙකේ තමයි අපි පළමුවන සමුළුව සුගතදාස ක‍්‍රීඩාංගණයේ පවත්වන්නේ.

Read more ...
Write comment (0 Comments)

  • පොහොර ප‍්‍රශ්නයෙන් මේ ආණ්ඩුව ඓතිහාසික ඇන ගැනිල්ලක් ඇනගත්තා නේද ?

කිසිම ඇනගැනිල්ලක් නැහැ. යම් කතාබහකට තුඩු දෙන වාතාවරණයක් ඇති වී තිබෙන බව ඇත්ත. එක පැත්තකින් ඒක විශාල ආන්දෝලනයක් තමයි. ඔබට මතක ඇති අයවැයේ මුලින් සඳහන් වෙලා තිබ්බේ හෙක්ටයාර එකක් සඳහා පමණයි පොහොර සහනාධාරය දෙන්නේ කියල. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් ගොවියා වෙනුවෙන් පෙනී හිටිය පක්ෂයක් නිසා අපි පැහැදිලිවම ඒ යෝජනාවට විරුද්ධ වුණා. අපට පුළුවන් වුණා ඒ සීමාව හෙක්ටයාර දෙක දක්වා වැඩිකරගන්න.

ඒ වගේම අගමැතිවරයාට අපි පැහැදිලි කළා පොහොර සහනාධාරයේ අත්‍යවශ්‍යකම. අලූ‍ත් පරිවර්තනයක් වෙන කොට හොඳ නරක කතාබහට ලක් වෙන එක සාමාන්‍ය තත්ත්වයක්. ඇනගැනීමක්ද නැද්ද කියල තීන්දු වෙන්නේ ගොවිතැනට මේ තත්ත්වයන් බලපාන විදිහ අනුව. අස්වැන්න අඩුවෙනවද මේක නිසා, වගේ කාරනා බලාගන්න වෙන්නේ අනාගතයේ දී. එහෙම මිසක් සහනාධාරය දෙන්න ගිහින් වෙන කතාබහ ඇනගැනීමක් කියලා අර්ථ දක්වන්න බැහැ.

 Duminda Disanayaka 1

  • ගොවියා කියන්නේ සල්ලි එපා පොහොර දෙන්න කියලා. මේ අලූ‍ත් ක‍්‍රමය ගේන්නේ ඊළඟ පියවර හැටියට කෘෂිකර්මය අධෛර්යමත් කරන්නද? ගොවියාට ෂොට් එකක් දෙන්න නේද මේ හදන්නේ ?

කිසිම ෂොට් එකක් මෙතන නැහැ. ඔය ගොවියම පාරට බැස්සේ නැද්ද පොහොර නිසි වෙලාවට ලැබෙන්නේ නැහැ කියලා. ඔය ගොවියම පාරට බැස්සේ නැද්ද පොහොරවල ගුණාත්මකභාවය ගැන අපට ප‍්‍රශ්න තියෙනවා කියලා. එහෙම ගත්තොත් මුදල් ලබාදීම හරහා ඒ ප‍්‍රශ්න විසඳුම් හොයල දීල තියෙනවා. දැන් මෙතැන දී ගොවියා අතේ මුදල් ටික තියෙනවා. කැමති වෙලාවට අවශ්‍ය පරිදි ගුණාත්මකභාවය හොයල බලල විශ්වාස තැනකින් පොහොර ටික ගන්න පුළුවන්. අනික මේ රසායනික පොහොර භාවිතාව නිසා මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට බරපතළ හානියක් වුණා කියල හැමෝම පිළිගන්නවනේ. රජරට වකුගඩු රෝගයෙන් මොන තරම් මිනිස්සු මැරෙනවද ? විද්‍යාත්මකව ඔප්පු කරලා නැතත් ප‍්‍රධාන හේතුවක් හැටියට සැක කෙරෙන්නේ රසායනික පොහොර භාවිතය. මම කෘෂිකර්ම ඇමැති වුනාට පස්සේ ප‍්‍රමිතියෙන් තොරව පොහොර ගෙන්නපු ලංකාවේ ප‍්‍රධාන කොම්පනියක පොහොර ගබඩාව සීල් කරන්න සිද්ධ වුණා. රසායනික පොහොරවලින් ඈත්වෙන්න කැමති ගොවීන්ට ඔන්න දැන් අවස්ථාව තියෙනවා සීයට සීයක් රසායනික පොහොර වෙනුවට විකල්ප ක‍්‍රමවලට මාරුවෙන්න.

 

  • පොහොර වෙනුවට සල්ලි දෙන්න ගිහින් බැංකු ගානේ ගොවියාව රස්තියාදු කරන එක හපන්කමක් නෙවෙයි නේද ?

පොහොර පොහොර විදිහට දෙනකොටත් ඔය ප‍්‍රශ්නම අඩුවැඩි වශයෙන් ආව. ඇයි අපි වෙනම බැංකු ගිණුමක් අරින්න කියල කිව්වේ. බැංකුවට උදව්වට නෙවෙයි ගොවියාට උදව්වටයි එහෙම කිව්වේ. ගොවියා දැනටමත් බැංකුවක ණයකරුවෙක් ෙ ව ල ා ඉන්නවනම් ඉඩ ලැබුණු හැමවිටම බැංකුව ඒ ණය කපාගන්නවා. මේ සල්ලි එතැනට ආවම වෙන්නෙත් ඒක. වෙනම ගිණුමක් ඇරීමත් එක්ක මුදල් අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා ගොවීන්ගේ වෙනත් ණය මේකෙන් කපන්නේ නැහැ කියල. අලූ‍තෙන් ෆොටෝ ගහලා අලූ‍තෙන් ඇප්ලිකේෂන් පුරවන්න කිව්වේ ඇයි?
කාටවත් කියන්න බැහැ මේ වෙනකොට ගොවියන් සහ ඉඩම් පිලිබඳ සත්‍ය දත්ත. ඒ නිසා අපි ඒවත් යාවත්කාලීන කරගන්න ඕනේ. පොහොර සහනාධාරය ගන්න ගොඩ ඉඩම් මඩම් බවට ලැයිස්තු ගත කරගත්ත අවස්ථා ඕන තරම් තියෙනවා. ඒවා නිවැරදි කරගන්න ඕන. මේවා නොකර රට වෙනස් කරන්න බැහැ. විශාල පරිවර්තනයක් වෙනුවෙන් සැලසුම් හදන්න නම්, දත්ත එකතුකරගන්න ඕන.

 

  • හවුල් ආණ්ඩුවේ යූ ඇන් පී කුණු හෝදන්න සිද්ද වෙලා තියෙන්නේ ශ‍්‍රී ලංකා එකේ දුමින්ද දිසානායකලට කියල මම කිව්වොත්?

නැහැ ඒක වැරදි කතාවක්. මේ ආණ්ඩුව ඇත්තටම සම්මුතිකාමී ආණ්ඩුවක්. අපි අතර මතගැටුම් ප‍්‍රතිපත්ති ගැටුම් තියෙනවා. ඒ වුණත් එකතැනකට ඇවිත් ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා. එක් පාර්ශ්වයක් අනෙක් පාර්ශ්වය ගිලගන්න හදන්නේ නැහැ. ගැටුමෙන් තමයි සංවර්ධනය හදාගන්නේ. පක්ෂ මාරුකරලා ඒ පැත්තට මේ පැත්තට ගිහින් පාට වෙනස් කරගන්නවාට වඩා සම්මුති ආණ්ඩුවේ වෙනසක් තියෙනවා. අපි අපේ මතවාද සමග ගැටෙනවා. යහපාලනය කියන්නේ යුඇන්පීය කියන විදිහට අපි ඉන්න එකවත්, අපි කියන විදිහට යූඇන්පිය ඉන්න එකවත් නෙවෙයි. දෙගොල්ලෝ එකට ඉස්සරහට යන එක.

 Duminda Disanayaka 7

  • වස විස නැති රටක් නමින් ක‍්‍රියාත්මක වෙන ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශය උදැල්ල දානවා කියන්නේ ඇත්තද ?

කිසිම උදැල්ලක් දාන්නෙ නැහැ. කෘෂිකර්ම අමාත්‍යාංශය නැතුව වස විස නැති තිරසාර ගොවිතැනක් ගැන කතාකරන්න පුළුවන්ද ? සමහරවිට පාර්ශ්ව කීපයක් මේ ව්‍යාපෘතියට අදාළව වැඩකටයුතු කරන නිසා සමහරුන්ට ඔය වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ජනාධිපති ලේකම් කාර්යාලය මීට අදාළව වැඩකරනවා. ජනාධිපති උපදේශක පූජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවෝ මේ ව්‍යාපෘතියට සම්බන්ධව වැඩකරනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩකරනවා.

සමහරවෙලාවට පාර්ශ්ව තුනම එක තැන නොදැක්කම සමහරුන්ට හිතෙන්න පුළුවන් මේක අසුවල් පාර්ශ්වයේ වැඩක් කියලා. අපි බොහොම සහයෝගයෙන් මේ කටයුත්ත කරගෙන යනවා.

 

  • අයිතිකාරයෝ වැඩි වෙලා වැඬේ අල වෙයිද දන්නේ නැහැ?

අපට අයිතිකාරත්වයට කිසිම ලෝබකමක් නැහැ. අපට ඕන ප‍්‍රඩක්ට් එක හොඳ වෙන්න විතරයි. අයිතිය කාගේද කියන එක වැඩක් නැහැ. ජනතාව තීන්දු කරයි අයිතිය කාගෙද කියලා. අපට ඕන එකට එකතුවෙලා සාමූහිකව හොඳ වැඩක් දැනෙන වැඩක් කරන්නයි.

 

  • මේ ව්‍යාපෘතිය ප‍්‍රයෝගික එකක් කියල ඔබ හිතනවද?

මේක සීයට සීයක් ප‍්‍රයෝගික කරගන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි, සෑහෙන භෝග ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් වැඩි ප‍්‍රතිශතයක් වස විස වගා කරගන්න පුළුවන් වෙයි කියන අපේක්ෂාව අපටත් තියෙනවා. එක පැත්තකින් මේ රටේ එන්න එන්නම ජනගහනය වැඩිවෙනවා. භූමි ප‍්‍රමාණය සීමා වෙනවා. මේ අභියෝගය ජයගන්නකොට ඒවත් හිතන්න වෙනවා. අපි බලන්නේ අවම හානියක් යටතේ උපරිම නිෂ්පාදනයක් කරගන්න.

විමල් කැටිපෙආරච්චි
ඡායාරූප - ගිතේන්ද්‍ර ලියනගේ

Duminda Disanayaka 2

Duminda Disanayaka 3

Duminda Disanayaka 4

Duminda Disanayaka 5

Write comment (0 Comments)