ඔහු 1980 දශකයේ මොරටුව විශ්වවිද්‍යාලයේ සිටි ශිෂ්‍යයෙකි. විදුලි ඉංජිනේරුවෙකි. පරිසරවේදියෙකි. සමාජ කි‍්‍රයාකාරිකයෙකි. තිරසාර සංවර්ධනය හා සමාජ සාධාරණත්වය උදෙසා කැප වූවෙකි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)
Write comment (0 Comments)

මහ බැංකු අධිපති වශයෙන් ඔබට පසුගිය දිනවල විවේචන රාශියක් එල්ල වුණා. මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට පෙර ඔබේ අතීතය ගැන විස්තර දැන ගැනීමට අප කැමැතියි?

දිගු කලකට පෙර මා ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති වශයෙන් කලක් සේවය කළා. එම කාලය තුළ දී ව්‍යාපාර කටයුතු සැපයීම් මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට හැකි වුණා. ඒ හැරෙන්නට, වැල්ලවත්තේ රෙදිමෝල නමින් හඳුන්වන ස්ථානයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ මැදිහත් වීම මත විශේෂිත විදෙස් ආයෝජනයක් ලබා ගත්තා. කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිකළ ඇම්.පී. ටා ඕ මහතා එම ව්‍යාපෘතියේ ආයෝජකයායි. 2001 වසරේ සිට වසර දෙක හමාරක කාලයක් මා ආයෝජන මණ්ඩලයේ සභාපති වශයෙන් සේවය කරද්දී එම ආයතනයේ ආයෝජන ප‍්‍රවර්ධන කටයුතු විධිමත් කිරීමට මා විසින් පියවර රාශියක් ගනු ලැබුවා. ඉන් අප සාර්ථක ප‍්‍රතිඵල ලබා ගත්තා.

 

ඔබ ශ‍්‍රී ලාංකිකයකු නොවන බවට චෝදනා නැගෙනවා?

මා ශ‍්‍රී ලාංකිකයකු බව කියන්න කැමැතියි. මගේ පියා සී. මහේන්ද්‍රන් මෙරට විදේශ සේවයේ රාජ්‍ය තාන්ත‍්‍රිකයකු වශයෙන් දිගු කාලයක් සේවය කළා. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම උපාධිධාරියෙක්. මගේ මවත් එම විශ්වවිද්‍යාලයේම උපාධිධාරිනියක්. ඔවුන් දෙදෙනාම ශ‍්‍රී ලාංකිකයෝ. මගේ වැඩිමහල් දියණිය විවාහ වී ජීවත් වන්නේ ද මේ රටේමයි. ඇගේ සැමියා මෙහි සේවය කරනවා. මගේ පුතා හා බිරිඳ දැනට පදිංචි වී සිටින්නේ සිංගප්පූරුවේ. ඒ මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහායි. ඔහු එහි ගණකාධිකරණ පාඨමාලාවක් හදාරනවා. 2004 දී සිදු වූ ආණ්ඩු මාරුවත් සමඟ ආයෝජන මණ්ඩලයේ සභාපති තනතුරෙන් මා ඉල්ලා අස්වුණා. ඒ සමඟම මෙරට රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට මට සිදු වුණා.

මේ තත්ත්වය යටතේ මා හට සිංගප්පූරුවේ රැකියාවක් සොයා යෑමට සිදුවුණා. වෘත්තියෙන් ආයෝජන බැංකුකරුවකු වූ මා හට එහි දී රැකියාවක් සොයා ගැනීම අසීරු කටයුත්තක් වුණේ නැහැ. 2006 වසරේ දී මා හට සිංගප්පූරුවේ පුරවැසිභාවය පිරිනැමුවා.

පසුගියදා මෙරට ජනමාධ්‍ය සහ විපක්ෂය මා වෙත චෝදනා රාශියක් එල්ල කළා. ඉන් එක් චෝදනාවක් වූයේ මා ශ‍්‍රී ලාංකික පුරවැසියකු නොවන බවයි. අනෙක මා එල්ටීටීඊ සංවිධානයේ හිතවාදියකු බවයි. මේ චෝදනා දෙකම සම්පූර්ණ අසත්‍යයි. සිංගප්පූරුවේ පුරවැසිභාවය ලබා ගත්තු මා සත්‍යවශයෙන්ම ශ‍්‍රී ලාංකිකයි.

සිංගප්පූරුවේ ජීවත් වන පුද්ගලයකුට කිසිදු ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට අවස්ථාවක් නැහැ. එය නීති විරෝධී වෙනවා පමණක් නොව, එම රටේ පදිංචිය ද අහිමි වීමට එම කරුණ ප‍්‍රමාණවත්. 2015 දී මේ රටේ සිදු වූ දේශපාලන වෙනසත් සමඟ ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නැයි මට ආරාධනා ලැබුණා. මා එය පිළිගත්තේ මේ රටට සේවය කිරීමේ ප‍්‍රධාන අරමුණෙන් යුතුවයි.

ArjunaMahendran 2

සිංගප්පූරුවේ වාසිදායක රැකියාව අතහැර මහ බැංකුවේ අධිපති වශයෙන් වැඩ භාර ගැනීමම ප‍්‍රශ්නයක්. ඔබට පැහැදිලි කිරීම කුමක්ද?

මා ශ‍්‍රී ලාංකිකයෙක්. මගේ රට නැවත මා කැඳවනවා නම් එය භාර ගැනීම මගේ යුතුකමයි.

 

මෙවැනි භාරධුර තනතුරක් භාර ගැනීම හා එහි කටයුතු කිරීමට ඔබට ඇති හැකියාව ගැන සැක සංකා තිබෙනවා?

මා හිතනවා මා හට සියලූ සුදුසුකම් හා හැකියාව ඇති බව. මහ බැංකු අධිපතිගේ වගකීම හා රාජකාරිය වනුයේ මුදල් පාලනය සහ මූල්‍ය ස්ථායිතාව රැුක ගැනීමයි. උද්ධමනය පාලනය කරමින් මුදල් උත්පාදනය කිරීම එහි මූලික වගකීමයි. මූල්‍ය ක්ෂේත‍්‍රයේ මගේ දීර්ඝ කාලීන පළපුරුද්ද මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කිරීමේ දී මට ද මහත් පිටිවහලක් වී තිබෙනවා. මෙම ආයතනයේ සියලූ කටයුතු මා හට ඉතා සමීපයි. මන්ද මින් පෙර වසර 11ක් පමණ මා මෙහි සේවය කර ඇති නිසා එහි සේවකයන් ද මට ඉතා සමීප පුද්ගලයන් බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි. දැනට සේවය කරන මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම මගේ සමකාලීනයන් බව මෙහිදී සඳහන් කරන්න කැමැතියි. මහ බැංකු කටයුතු නියමාකාරයෙන් ඉටු කිරීමට මා හට හැකිවී තිබෙන්නේ එහි කාර්යමණ්ඩලයේ සහාය මා හට පූර්ණ වශයෙන් ලබාදෙන නිසයි.

 

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ඔබ විසින් මෑතක දී සිදුකළ නව ප‍්‍රතිසංස්කරණ සමඟ කිසියම් ආයතනික වෙනස්කම් ඇති කිරීමට ඔබ කටයුතු කරනවාද?

මහ බැංකුව තුළ වෙනස්කම් රාශියක් මීට පෙරත් ඇති කර තිබෙනවා. එය කාලීන අවශ්‍යතාවක්. එහෙත් මෙහි දී වැදගත් වන්නේ එම ප‍්‍රතිසංස්කරණ සහ වෙනස්කම් ආයතනයේ සහ රටේ ප‍්‍රගමනය සඳහා ඉවහල් වන්නේද නැද්ද යන්නයි. මහ බැංකුව යටතේ පාලනය වූ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පසුගිය කාලයේ සිදු වූ වැදගත් කාර්යයක් ලෙස මා සලකනවා.

ඊට හේතුව වෙන්නේ ව්‍යාපාර බැංකු පාලනය කිරීම මහ බැංකුවේ කටයුත්තක් නොවන නිසා. බැංකු නියාමනය කිරීම එහි වගකීම වන අතර ඒවා පාලනය කිරීම එයට අයත් වන්නේ නැහැ. එහෙත් පසුගිය පාලන සමයේ සිදුකළ ඇතැම් වෙනස්කම් මහ බැංකුවේ පරිහානියට හේතු වී තිබෙනවා. එහි මූල්‍ය පරිපාලනය අඩාළ කිරීමට ඇතැම් කරුණු ඉවහල් වී ඇති බව මාහට පෙනී ගියා. විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදල මහ බැංකු පරිපාලනය යටතේ පවත්වා ගෙන යෑමේ දී ප‍්‍රශ්න මතු වී තිබෙනවා. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ එම අරමුදලේ මුදල් යොදවා කොළඹ හයට් (Hyatt) හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලට රුපියල් බිලියන 5ක මුදලක් ආයෝජනය කිරීමයි. මෙය අවදානම් සහිත ආයෝජනයක්. පුද්ගලික අංශයේ සේවකයන්ගේ අරමුදලකින් මෙවැනි ආයෝජනයක් සිදුකිරීම ඉතා අවදානම් කටයුත්තක්. හයට් හෝටල් සංකීර්ණය ඉදිකිරීම සහ එහි පාලක සමාගමේ කටයුතු දූෂණ චෝදනාවලට ලක් වී තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මහ බැංකුව මෙවැනි විශාල ආයෝජනයක් සිදු කිරීමට තීරණය කිරීම ඉතා අවදානම් කටයුත්තක් ලෙසයි මා දකින්නේ. මෙම ආයෝජනය සිදු කර ඇත්තේ කිසිදු ඇගැයීමක් හෝ අධ්‍යයනයකින් තොරවයි. මේ තත්ත්වය යටතේ මා විසින් අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් (Risk Managment Dept) පිහිටුවීමට මා කටයුතු කළා. මෙය ඉතා කාලීන අවශ්‍යතාවක්. මීට අමතරව නීති කටයුතු දෙපාර්තමේන්තුවක් යළි ස්ථාපනය කිරීමට ද කටයුතු කළා. මා මෙම තනතුරේ වැඩ භාරගන්නා විට මින් පෙර කි‍්‍රයාකාරීව තිබූ මෙම දෙපාර්තමේන්තුව වසා දමා තිබුණා. එහි කටයුතු කළ නීතිවේදීන් වෙනත් අංශවලට මාරු කර යවා තිබුණා. සමහර නීති නිලධාරීන්ට නිසි රාජකාරි පවරා තිබුණේ නැහැ. රටේ ප‍්‍රධාන මූල්‍ය ආයතනය වන මහ බැංකුවට නීති සහාය ලබාගෙන තිබුණේ පිටස්තර නීතිවේදීන්ගෙන්.

මේ සඳහා ඔවුන්ට විශාල ගාස්තු ගෙවා තිබුණා. මේ තත්ත්වය මා විසින් වහාම නවතා දැමූ අතර මහ බැංකුවේ සියලූ නීති කටයුතු මෙහි ස්ථාපනය කර ඇති නීති දෙපාර්තමේන්තුව වෙත පවරා දී තිබෙනවා.

මහ බැංකුවෙ කාර්යාල මණ්ඩල සේවකයන් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් ද අප විසින් දැන් ඇති කර තිබෙනවා. සේවකයන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වැඩිදුර පුහුණුව අත්‍යවශ්‍ය වී තිබෙනවා. එපමණක් නොවේ, ආයතනයට අලූතෙන් බඳවා ගන්නා සේවකයන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ කුසලතා ඉහළ නැංවීමට ද මේ පුහුණු මධ්‍යස්ථානය ඉවහල් වෙනවා.

ArjunaMahendran 3

ලෝක ආර්ථික අර්බුදය, තෙල් මිල පහළ වැටීම සහ කලාපයේ ආර්ථික අභියෝගතා හමුවේ ශ‍්‍රී ලංකාව අනුගමනය කළ යුතු කෙටි කාලීන සැලසුම් සහ යෝජනා ක‍්‍රම පිළිබඳ ඔබගේ පැහැදිලි කිරීම කුමක්ද?

ඔබ සඳහන් කළ පරිදි ලෝකයේ ආර්ථික වර්ධනය පහත බසිමින් පවතිනවා. චීනය ආර්ථික වශයෙන් ශක්තිමත් වුවත් එහි ජනගහන පාලන ප‍්‍රතිපාදන නිසා එම තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම ඉදිරියේ දී අපහසු කටයුත්තක් වනු නො අනුමානයි. ශ‍්‍රී ලංකාවට ද අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. රටේ වැඩිහිටි ජනගහනය ශීඝ‍්‍රයෙන් වැඩි වෙමින් පවතින අතර වැඩිහිටි සේවක සංඛ්‍යාව ද වැඩි වී තිබෙනවා. මෙම සේවක වැටුප ද කලාපයේ අන් රටවල් හා සසඳන කළ ලාභදායී මට්ටමක් පවතින්නේ නැහැ. බංගලාදේශය, වියට්නාමය හා ඉන්දියාව සමඟ සසඳන කල එම රටවල ශ‍්‍රමය ඉතා ලාභදායක මට්ටමකයි පවතින්නේ. අද මේ නිසා ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් කර්මාන්තය අභියෝගයකට ලක් වී තිබෙන්නෙ.

ඉරානයට පැනවූ සම්බාධක රුසියාවේ අර්බුද නිසා මෙරට තේ වෙළෙඳපොළ පසුබෑමකට ලක් වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ කෙටි කාලීනව අප විසින් ගත යුතු කි‍්‍රයාමාර්ග මොනවාදැයි සොයා බැලීම අත්‍යවශ්‍යයි.

මෙරට සංචාරක කර්මාන්ත දියුණු කිරීම තුළත් කෙටි කාලීන වාසියක් ලබා ගැනීමේ හැකියාව අපට තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ නොකිලිටි වෙළෙඳ තීරය සංචාරකයන් මෙරටට ආකර්ෂණය කිරීම සඳහා යොදාගත හැකියි. ඊට අමතරව මෙරට ආකර්ෂණීය ස්ථාන මෙන්ම ඓතිහාසික වැදගත්කමින් යුතු ප‍්‍රදේශ සංචාරකයන් අතර ප‍්‍රචලිත කිරීමේ වැඩසටහනක් මෙන්ම සංචාරක කලාප පිහිටුවීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කළ යුතුව තිබෙනවා.

විදේශවල පදිංචි ශ‍්‍රී ලාංකිකයන් මෙරටට කැඳවා ගැනීම තුළින් මහත් ආර්ථික වාසි සලසා ගැනීමට අපට හැකි වේවි. දසලක්ෂයක් පමණ ශ‍්‍රී ලාංකිකයන් විදේශ රටවල සේවය කරනවා. මෙම ශ‍්‍රී ලාංකිකයන්ට පහසුකම් සපයා දී, ඔවුන් නැවත මෙරට පදිංචි වීමට අවස්ථාව සලසා දෙන්නේ නම් එමඟින් මෙහි විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමට අපට හැකි වේවි. මේ සඳහා මහ බැංකුවේ විදේශ විනිමය පාලන අංශය විධිමත් කිරීමටත් නීති රීති ලිහිල් කිරීමටත් අප අදහස් කරනවා.

ArjunaMahendran 4

කෙසේ වෙතත් ණය බැඳුම්කර සිද්ධියක් සම්බන්ධව ඔබට චෝදනා එල්ල වී තිබෙනවා?

මේ විවේචන එල්ල කරන්නේ දේශීය මාධ්‍යවල එක්තරා කොටසක් සහ විපක්ෂය පමණයි. මම හිතන්නේ මේ තත්ත්වයට හේතුව වෙනසයි. රජයේ ණය බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් අපිට ලොකු වෙනසක් කරන්නට සිදු වුණා. 2010 සිට 2014 දක්වා බැඳුම්කර නිකුත් කර තිබෙනවා. ඒ කාලයේ මේ බැඳුම්කර ගැන කිසිවකු අසා තිබුණේ නැහැ. පසුගිය ආණ්ඩුව සියලූ කටයුතු පාලනය කළා. මහජනයාට මෙම ලංසු පිළිබඳ දැන ගැනීමට අවස්ථාවක් ලබාදිය යුතුයි.

මේ චෝදනා සම්බන්ධයෙන් ති‍්‍රපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මා සම්පූර්ණයෙන් නිදොස් කොට තිබෙනවා. මෙම විනිසුරු මඬුල්ලේ මුලසුන හොබවනු ලැබුවේ අගවිනිසුරුතුමායි. ඔබේ ප‍්‍රශ්නයට මා විසින් සවිස්තර පිළිතුරක් ලබාදිය යුතුව තිබෙනවා. පළමු කොට මා විසින් කිව යුත්තේ, මෙම බැඳුම්කර රජයේ ණය බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන්. වෙන්දේසිය සිදුකළ යුත්තේ මහජනයාට ලංසු මිල දැනගත හැකි වන පරිදි විනිවිද භාවයකින් යුතුවයි. මේ කිසිවක් ශ‍්‍රී ලංකාවේ මීට පෙර සිදුකර නැහැ.

 

බැඳුම්කර නිකුත් කිරීමට අවශ්‍ය වූ පසුබිම කුමක්ද?

විවිධ කාලසීමාවල කල්පිරෙන බැඳුම්කර තිබෙනවා. දීර්ඝතම කාලය වසර 30යි. පසුගිය ජනවාරි මස බැඳුම්කර වෙන්දේසියේ තැබීමට මා යෝජනා කළා. මුල්‍ය මණ්ඩලය ඊට එකඟ වුණා. අවසන් වරට වෙන්දේසිය පවත්වා තිබුණේ 2014 දෙසැම්බර් මාසයේදියි. ඊට පෙර සැප්තැම්බර් මාසයේ වෙන්දේසියක් පවත්වා තිබුණා. පසුගිය කාලයේ 90%ක් බැඳුම්කර නිකුත් කර තිබුණේ පුද්ගලිකවයි. වෙන්දේසි පවත්වා තිබුණේ 10%කටත් අඩුවයි. මීට හේතුව ආර්ථිකය පාලනය කිරීමයි.

 

එහෙම බැඳුම්කර සිද්ධිය ගැන ඔබට චෝදනා නැගෙනවා?

බැඳුම්කර ගැන තීරණය කළේ පෙබරවාරි 23දා. නමුත් අප වෙබ් අඩවියෙන් එය ප‍්‍රසිද්ධ කළේ පෙබරවාරි 25දා. එහි දී වසර 30 බැඳුම් කර සියයට 12.5 පොලී අනුපාතයට නිකුත් කරන බවක් සඳහන් වුණා. එය 27දා පුවත්පත්වල පළ වුණා. නව රජයේ අයවැය මඟින් සියයට 40කින් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කළා. ඒ සඳහා මහ භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය වුණා. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ කාර්යය වූයේ ණයට අවශ්‍ය මුදල් ණයට ලබා ගැනීමයි. අපට නියෝගයක් ලැබුණා රුපියල් බිලියන 13.5ක් මාර්තු 13 වනදා ලබා දෙන ලෙසට. මේ නිසා අපට මේ වෙන්දේසිය පිළිබඳ දැන්වීමක් පෙබරවාරි 27දා පළ කිරීමට සිදුවුණා. පෙබරවාරි 22 දා මම මේ පිළිබඳ ණය අංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. එහි දී මට දැනගන්නට ලැබුණේ අපි මේ වනවිට ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 3.5ක් පමණක් බවයි. එතැන රුපියල් බිලියන 10ක අඩුවක් තිබුණා එවිට නිලධාරීන් කිව්වා. මේ වනවිට වෙන්දේසියක් පවතින බවටත් එමඟින් මේ මුදල ලබා ගැනීමට උත්සාහ කළ හැකියි කියලා. එය සාමූහික තීරණයක්. මෙම වෙන්දේසිය සිදුවන්නේ ටෙන්ඩර් කමිටුව හරහායි. රුපියල් බිලියනයක මුදලක් 12.5% පොලී අනුපාතයකින් ලබා ගැනීමට ලංසු තැබිය හැක්කේ මූලික තැරැව්කාර සමාගම් කණ්ඩායමකට පමණයි. මෙයට ලංසු තබන විට සමහර සමාගම් 11.5%ට හෝ 8% හෝ 9% ලංසු තැබිය හැකියි. ටෙන්ඩර් කමිටුවේ ඇගැයීමෙන් පසු සුදුසු අයට එය පිරිනමනවා. දීර්ඝ කාලීන බැඳුම්කර මඟින් ණය ලබා ගන්නේ විශාල ව්‍යාපෘති සඳහායි. උදාහරණයක් වශයෙන් සංවර්ධන හා නිවාස ව්‍යාපෘතිය දැක්විය හැකියි.

ArjunaMahendran 1

මෙම බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ සමාගමේ ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුරක් දරන්නේ ඔබගේ බෑණා කෙනෙක්. මෙය ගැටලූ සහගතයි?

මා මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන විට, ඔහු එම සමාගමේ තනතුරුවලින් ඉල්ලා අස්වුණා. මෙම බැඳුම්කර නිකුතුව ඉතා විනිවිද භාවයකින් යුතුව හා සාධාරණව පැවැත්වූ බව මා ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරනවා.

 

ලබා ගැනීමට අවශ්‍ය ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 10ක් දක්වා වැඩි කළේ ඇයි?

එසේ සිදු නොකළා නම් කුඩා තේ සහ රබර් වතු හිමියන්ගේ සහනාධාර, මාර්ග සහ අධිවේගී මාර්ග තැනීමට අවශ්‍ය ගෙවීම්වලට මුදල් හිඟවීමට ඉඩ තිබුණා. මෙම ගෙවීම් ක්ෂණිකව නතර වෙනවා. ඉන් රටේ ආර්ථිකයට බලපෑම් සිදුවීමට ඉඩ තිබුණා. අදාළ ලංසු වෙන් කිරීම සිදු කළේ අනුමත කර තිබෙන විද්‍යාත්මක හා තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුවයි. අවසාන තීරණය ගත්තේ ටෙන්ඩර් කමිටුව මඟින් කෙටිකාලීන බිල්පත් නිකුත් කිරීමේ සමාවක් තියෙනවා. කෙටිකාලීන ණයකින් දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළොත් විශාල ප‍්‍රශ්න මතු වෙනවා. දීර්ඝ කාලීන බැඳුම්කර නිකුත් කළ යුතු වන්නේ දීර්ඝ කාලීන ව්‍යාපෘති සඳහායි.

තෝරාගත් සමාගමේ මගේ බෑණා සේවය කළා නම් මෙතැන මහ ගැටුමකට ඉඩ තිබුණා. මා මහ බැංකුවෙ අධිපති නිසා, ඇතැම් අය චෝදනා කරාවි බැංකුවේ තොරතුරු ඔහුට ලබා දුන්නා කියලා. ඒත් මෙහිදී එහෙම දෙයක් සිදුවූයේ නැහැ. මේ ගනුදෙනුව සිදු වනවිට ඔහු එම සමාගමෙන් ඉල්ලා අස්වෙලා. ඔහුටත් ඒ බව ණය දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

 

ශ‍්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ රුපියල අවප‍්‍රමාණයවීම පිළිබඳ විවිධ මත පළ වෙනවා. මහ බැංකු අධිපති වශයෙන් මේ පිළිබඳ ඔබ දරන අදහස කුමක්ද?

ආර්ථිකය දැනට මූලික වශයෙන් විදේශ සම්පේ‍්‍රෂණ මත රඳා පවතිනවා. විදේශගත වී සිටින අයගෙන් අපේ රටට විශාල මුදල් ප‍්‍රමාණයක් ලැබෙනවා. ගිය වසරේ පමණක් ඩොලර් බිලියන හතක් රටට ඇදී ආවා. නිල නොවන මාර්ගවලින් එවැනි තුන් ගුණයක් ලැබෙන්නට ඇති. විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිකයනට නැවත වරක් ශ‍්‍රී ලංකාවට පැමිණීමට උනන්දු කළ යුතුයි. යුද්ධයෙන් පසු ස්ථාවර විනිමය අගයක් පවත්වාගෙන යෑම පසුගිය ආණ්ඩු සමයේ අප කළ බරපතළ වැරැද්දක්. ශ‍්‍රී ලංකාවේ දැන් නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වාගෙන යනවා. රුපියල සියයට 2කින් පමණ අවප‍්‍රමාණ වුණා. එය සුළු ප‍්‍රමාණයක් ජපාන යෙන් 1ක් 25%න් අවප‍්‍රමාණය වෙලා යුරෝ එක සියයට 25කට වඩා පහත වැටුණා. අපිට සියයට 2ක වගේ ප‍්‍රමාණයකින් රුපියල අවප‍්‍රමාණය වීම රඳවා ගැනීමට හැකිවී තිබෙනවා. රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා අපට විදේශ මුදල් අවශ්‍යයි. මේ සඳහා කඩිනම් පියවර අප විසින් ගත යුතුව තිබෙනවා.

- සේන සූරියප්පෙරුම
- ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Write comment (0 Comments)

ඔහු අරගලය මතින්, අරගලය වෙනුවෙන් ගොඩනැගෙන්නෙකි. අනෙකා මතින් අනෙකා ලෙසින් වෙනකෙකු ගොඩනැගූවෙකි. මසැසින් නොව නැණසින් ලොව දකින්නෙකි. හයිවේ, වන්වේ, එක්ස්ප‍්‍රස්වේවල පවා වම්පසින් මුණගැසෙන්නෙකි. සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙන් සිහින දකින්නෙකි.

Read more ...
Write comment (0 Comments)

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි. වෘත්තියෙන් නීතිඥයෙකි. 1979 වසරේ දේශපාලනයට පිවිසියෙකි. 1994 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූවෙකි. ඇමැතිවරයකු ලෙස අමාත්‍යාංශ කිහිපයක කටයුතු කළ අයෙකි.

Read more ...
Write comment (0 Comments)

ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. 1970 වසරේ කැලණිය ආසනයෙන් දේශපාලනයට අත්පොත් තැබූවෙකි. ජේ.ආර්. ජයවර්ධන රජයේ සිටි ළාබාලතම අමාත්‍යවරයෙකි. කනිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පිළිවෙළින් පැමිණියෙකි.

Read more ...
Write comment (0 Comments)

"කරුණා අම්මාන්ගේ මිනිස්සු 600ක් යුද්දෙට ගියා. 300ක් මළා." හිටපු අමාත්‍ය කරුණා අම්මාන්ගේ පුද්ගලික ලේකම් ශාන්තිනී දිල්රුක්ෂි පෙරේරා සත්හඬ සමග කළ සාකච්ඡාවේදී පැවසීය. ඇය හා සත්හඬ කළ සම්පූර්ණ සාකච්ඡාව කියවන්න.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)