• රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඔබ වගකීම භාරගත්තේ කවදාද?

2015 අගෝස්තු මාසේ හතරවන දා යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්වෙලා මාස අටකට පස්සේ.

  • රාජකාරිය භාරගනිද්දි ඔබට රූපවාහිනී සංස්ථාව ගැන අවබෝධයක් තිබුණද?
Read more ...
Write comment (0 Comments)

ඔබ සමසමාජකාරයෙක්. සමසමාජ පක්ෂයේ අනාගතය අඳුරු නිසා සමසමාජකාරයකුගේ අනාගතයත් අඳුරු වෙනවා. මේ කාරණය ඔබට අදාළ වෙන්නෙ කොහොමද?

අපේ මුළු ජීවිතයටම ලබපු දැනුම ලැබුණෙත් විනය හැදුණෙත් සමසමාජ පක්ෂය හරහායි. මොකද සමසමාජ පක්ෂය නිසා අපට කවදාවත් ආශ්‍රය කරන්න නොලැබෙන අය හඳුනාගන්න ලැබෙනවා. ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ආදීන් අපට හමුවෙන්නෙ මේ පක්ෂය නිසා.

Read more ...
Write comment (0 Comments)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්

 ඔබවහන්සේගේ ගිහි නම මොකක්ද?

මගේ නම නුවන් සිරි කුමාර.

ගම කොහෙද?

ගම ගාල්ලෙ.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් - කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක

ඇමැතිතුමා කොහොමද දකින්නෙ ජනවාරි 08 කරපු වෙනස?

ඇත්තටම ජනවාරි 08 මේ වෙනස නොකළා නම් මේ රට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා. මේ රට විතරක් නෙවෙයි මේ රටේ සමස්ත ජනතාවම ගලවාගන්න පුළුවන් වුණේ ඒ අටවෙනිදා කරපු වෙනසත් එක්ක. ඒ ගැන මම සතුටු වෙනවා.

Read more ...
Write comment (0 Comments)

ජනවාරි 08 කොටස්කරුවෙක් විදියට ඇත්තටම ජනවාරි 08 සිහිනයක් වුණාද? එහෙමත් නැත්නම් යථාර්ථයක් වුණාද?

ජනවාරි 08 මට නම් සිහිනයක් නෙවෙයි. යථාර්ථයක්. මට කොහොමත් ඒ වෙනස සිහිනයක් වෙන්නෙ නැහැ. මොකද අපි ආරම්භ කරපු දෙයින් අපට අවශ්‍ය තැනට එන්නට හැකියාව ලැබුණා. එතැනින් එහාට වැඩ ටික කරගෙන යන එක අපි ඒ වගකීම බාර දුන්න අයගෙ ක්‍රියාවක් මිස අපේ ක්‍රියාවක් නෙවෙයි. මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නට අපි කිසියම් පිරිසකට බාරකාරකමක් දුන්නා. ඒ බාර කරපු අය ඒ කටයුත්ත කරගෙන යන එකයි තියෙන්නෙ. අපි දැන් ඒ අය මොකද කරන්නෙ කියලා බලාගෙන ඉන්නවා.

Read more ...
Write comment (0 Comments)

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක 

මේ  මොහොතේ සිරිතුංග සහෝදරයාගේ දේශපාලන භූමිකාව මොකක්ද?

අපි කම්කරු පන්තිය මත පදනම් වුණු, මාක්ස්වාදී දර්ශනය මත කටයුතු කරන සමාජවාදී පක්ෂයක්. අපේ පක්ෂය හැමදාමත් හිතන්නේ, බලයට පත් වෙලා ඉන්න ධනපති ආණ්ඩුව කරන වැරැදි වැඩවලට, අසාධාරණවලට විරුද්ධව සටන් වැදීම. ඒ කම්කරු පන්තියට, ශිෂ්‍යයන්ට, ගොවි ජනතාවට, සුළු ජාතීන්ට විරුද්ධව කරන යම් අයුක්තියක් අසාධාරණයක් වෙතොත් එයට විරුද්ධව සටන් වදිනවා.

Read more ...
Write comment (0 Comments)

සංස්කෘතික කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 

ඇමැතිතුමා මේ දවස්වල බරටම වැඩ වගේ?

අපි බලාපොරොත්තු නොවුණ විදියට රටේ ලොකු ව්‍යසනයක් වුණානෙ. 1964 අවුරුද්දෙන් පස්සෙ මේ රටේ සිද්ධ වුණු ලොකුම ව්‍යසනය. ඉතින් නොහිතපු වෙලාවක මේ විපත සිද්ධ වුණා. පාරට බැස්සම දැක්කෙ මිනිස්සුන්ගෙ දුක, අඳෝනාව. ඒ දුක ඇස් දෙකට දැක දැක, ෆෝන් ඕෆ් කරගෙන බොරුවක් කරන්න බැහැ. ඉතින් බිම් මට්ටමට බැහැලා මේ මිනිස්සුන්ගෙ දුක වෙනුවෙන් සටන් කරන්න ගත්තා. දැන් නම් හොඳටම වෙහෙසයි.

Read more ...
Write comment (0 Comments)

මම ඔබතුමාට කොහොමද අමතන්නේ? ඇමැතිතුමා කියන්නද? ෆීල්ඞ් මාර්ෂල් කියන්නද?

දේශපාලනය පැත්තෙන් කතා කරන්නෙ ඇමැතිතුමා කියලා. සාමාන්‍ය රජයේ සේවකයෝ ෆීල්ඞ් මාර්ෂල්තුමා කියනවා. ඒ වචන දෙකෙන් තමයි දැන් මාව ආමන්ත්‍රණය කරන්නෙ. ඒ දෙකෙන් කොයි ආකාරයෙන් ඇමතුවත් මට ප්‍රශ්නයක් නැහැ.

Read more ...
Write comment (0 Comments)

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ හොර බුද්ධි අංශයක්යනුවෙන් අප පසුගිය සතියේ පළ කළ ප්‍රධාන ශීර්ෂ පාඨය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සමඟ කළ සංවාදයකි මේ. අපගේ ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ඔහු පැවසුවද, අදාළ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ (තින්ක් ටෑන්ක්) පර්යේෂණ, රජයේ මුදල් වියදම් කර එහි සිදු කෙරෙන්නේ කුමක්ද යන්න සහ ආයතනයේ ප්‍රධානීන් පත්කර ගත් ක්‍රමවේදය සම්බන්ධයෙන් නිශ්චිත කරුණු සඳහන් කිරීමට ඔහු අපොහොසත් විය. කෙසේ වෙතත් ඔහුගෙන් විමසීමට තවත් කරුණු රැසක් තිබුණ ද සංවාදය අවසන් කිරීමට ඔහු තීරණය කරන ලදී.

Read more ...
Write comment (0 Comments)