ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය - රුහුණු විශ්වවිද්‍යාලය

සයිටම් වෛද්‍ය විද්‍යාලය මුල් කරගත් සමාජ සංවාදය කෙරෙහි මේ වෙනකොට දැඩි සමාජ අවධානයක් යොමුව තිබෙනවා. වෛද්‍ය සභාව ඔවුන්ගේ සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙලා. ශිෂ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ සයිටම් වෛද්‍ය උපාධිය හරහා අධ්‍යාපනය මුදලට තීන්දු කරන්න රජය කටයුතු සකසමින් ඇති බව. ඒ සම්බන්ධව ඔබේ අදහසින්  අපි මේ කතාබහ ආරම්භ කරමු?

Read more ...
Write comment (0 Comments)

මෙම ලිපියේ පළමු කොටස පසුගිය සතියේ පළ විය (සබැඳිය

නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියන යෝජනාව තමයි ආණ්ඩුව පැත්තෙන් ජාතික ප්‍රශ්නය වෙනුවෙන් ආපු යෝජනාව. මේ වෙනකොට ඒ යෝජනාවත් අක්‍රිය වෙමින් යන පසුබිමක් නේද පේන්න තියෙන්නෙ?

Read more ...
Write comment (0 Comments)

පහුගිය දිනවල විල්පත්තු වන විනාශය පිළිබඳ නොයෙක් කතා බහ තිබුණා. ඇත්තටම මොකක්ද මේ තත්ත්වය?

දැනට අවුරුදු එකහමාරකට දෙකකට විතර කලින් විල්පත්තු වනය එළි පෙහෙළි කරලා මිනිස්සු පදිංචි කරනවා කියලා රටේ මතයක් හැදුණා. විශේෂයෙන් බොදු බල සේනා සංවිධානය සහ ජාතික සංඝ සම්මේලනය මේ ස්ථානයට ගිහිල්ලා තමන් විශ්වාස කරන හිතළු සමඟ මේ කපන්නේ විල්පත්තු වනෝද්‍යානය, මේ කපා දැමීම හරහා විශාල විනාශයක් වෙනවා, ඒගොල්ලෝ යුද්ධයෙන් අසරණභාවයට පත් මුස්ලිම් ජනතාව නෙමෙයි, මේක බදුර්දීන් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් කෙරෙන වැඩක් කියන මතය සමාජයේ ස්ථාපිත කරන්න මහන්සි ගත්තා. ඊට පස්සේ රූපවාහිනී ගුවන්විදුලි ඇතුළු විවිධ නාලිකා මේක පිළිබඳ අනවරත අරගලයක යෙදුණා.

Read more ...
Write comment (0 Comments)

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විගණකාධිපති සිදු කළ ආන්දෝලනාත්මක මැදිහත් වීමත් සමඟ ආණ්ඩුවේ ප්‍රබලයන් සහ විගණකාධිපති අතර සම්බන්ධයේ ආතතිගත ස්වභාවයක් පෙන්නුම් කෙරිණ.  එතැන් පටන්  විගණකාධිපති මුල් කරගෙන කරළියේ ඇති වූ ඒ ආතතිගත සම්බන්ධය විවිධ විෂයන් ඔස්සේ ඉදිරිපත් වූ විගණන වාර්තා පාදක කරගනිමින් වරෙක  අගමැති - විගණකාධිපති ගැටුමක්තවත් වරෙක  මුදල් ඇමැති - විගණකාධිපති ගැටුමක් ආදී ලෙසින් ආණ්ඩුවේ ප්‍රබලයන් සහ විගණකාධිපති අතර නොනිමෙන ගැටුමක් විලසින් ඉදිරියට යන තත්ත්වයක් පෙනෙන්නට ඇත. ඒ තුළ වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ වෙත මේ වන විට ගල් මෙන්ම මල්වල ද අඩුවක් නොමැතිව භුක්ති විඳින්නට ලැබෙමින් ඇති අතර ඒ පිළිබඳ ඔහු සමඟසත්හඬ’ කළ සාකච්ඡාවකි මේ.

Read more ...
Write comment (1 Comment)

මෙය සංහිඳියා සංකල්පය වෙනුවෙන් වූ ව්‍යවස්ථා වෙනසක් පිළිබඳ විශේෂ කතා බහකට ලක් වෙමින් තිබෙන කාල වකවානුවකි. ජනාධිපතිවරයා විසින් මේ වසරේ ජනවාරි 08 දින සිට ජනවාරි 14 දින දක්වා ජාතික ඒකාබද්ධතා සතියක් ද ප්‍රකාශයට පත්කොට තිබුණි. කෙසේ වෙතත් සංහිදියාව ඇති කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ගැටලුරැසක් ඇතිව තිබේ. මේ පිළිබඳ අප සාමය ගොඩනැංවීමේ හා ප්‍රතිසන්ධාන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න මහතාගෙන් විමසුවෙමු.

Read more ...
Write comment (0 Comments)

සේනාධීර ගුණතිලක

මේ මොහොතේ හදිසියේ සමුළුවක් කැඳවීමේ හේතුව මොකක්ද?
අපි මෙම සමුළුවට සූදානම් වුණේ සෑහෙන කාලයක ඉඳලා. අපේ පළමු සමුළුව පැවැත් වුණේ 2011 අප්‍රේල් මාසයේ 08 වන දා. අපි එය සිදු කළේ සැලකිය යුතු අභියෝගයන් මැද. එක පැත්තකින් අප කරා ආ මර්දනය ලලිත් කුමාර් - කුගන් මුරුගානන්දන් සහෝදරවරු යාපනයෙ දී පැහැර ගත්තා. සමුළුව ආසන්නයේදීම කුමාර් ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරිය පැහැර ගනු ලැබුවා.

Read more ...
Write comment (0 Comments)

2015 ජනවාරි 08 වැනිදා යහපාලන ආණ්ඩුව ජන බලය ගන්න එක් හේතුවක් වුණේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා දුන්නු පොරොන්දුව. නමුත් එය තවමත් ඉබි ගමනේ. ඒකට හේතුව මොකක්ද?

Read more ...
Write comment (0 Comments)

ව්‍යාපාරික ලෝකය අතැඹුලක් සේ දැන උගත් ඔහු දේශපාලනයට අවතීර්ණ වන්නේ අහඹුවක් ලෙසිනි. උගතමනාවේ සියල්ල සිරිවැස ඔහු උතුරටත් දකුණටත් සංහිඳියා පාලමක් වෙනුවෙන් වෙහෙසුණි. ජනතා සේවයට සන්නම් තැබූ ඔහු පළාත් සභාවට යන්නම්කියා පාර්ලිමේන්තුවට ද ගොඩ වුණි. එතැන් සිට වෙනස් මානයකින් ඔහුගේ කතාව පෙළ ගැසුණි. විසෙස් තැන් වෙසෙස් තැන් සහිත කතාවක විස්තර ඔහු අප හා දිග හැරිණි. රත් පැහැති කතාවකඅත්නොහැරි යථාවක් කියූ ඔහු දියවන්නාවේ දෙසිය විසිපහෙන් එකෙකි. එහෙයින් මේ,

Read more ...
Write comment (0 Comments)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යා දෙපාර්තමේන්තුවේ දර්ශනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් විසින් රචිත නූතන කුමාරයා - දේශපාලනය සහ මතවාදය පිළිබඳ සටහන් කෘතිය ජනවාරි - 25 වන දා ජනගත කෙරෙයි. එහිදී ඔහු මතු කරන කාරණා සහ විශේෂයෙන් 2015 ජනපතිවරණයෙන් පසු මේ වන විට මෙරට දේශපාලනය සම්බන්ධව මතුවී තිබෙන කාරණා ගැන චරිත සත්හඬ සමඟ මෙසේ දේශපාලන සංවාදයකට එක් වූයේය.

Read more ...
Write comment (0 Comments)