ලිංගික සේවා සැපයූ මෙරට දැරියක් සිංගප්පූරුවේදී අත්අඩංගුවට

පුවත්
Typography

වයස අවුරුදු 16 ක ශ්‍රී ලාංකික දැරියක් සිංගප්පූරුවේ ලිංගික ශ්‍රමිකයකු ලෙස සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වේ.

දින 12ක කාලයක් සිංගප්පූරුවේ ගේලන්ග් ප්‍රදේශයේ ලිංගික ශ්‍රමිකයන් වෙසෙන නිවාසයක සේවය කර ඇති ඇය එම කාලය තුළ පුද්ගලයන් 207 දෙනකුට ලිංගික සේවා සපයා ඇති බව ද පැවසේ.

අදාළ දැරිය පසුගිය වසරේ අගෝස්තු 6 වන දින පුද්ගලයකු සමඟ සිටිය දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම දැරියගේ මිත්තණිය උදර පිළිකාවකින් ද පියා ඇදුම රෝගයෙන් ද පීඩා විඳීම නිසා පැවැති ආර්ථික දුෂ්කරතා තම අසල්වැසියකුට පැවසීමෙන් පසු අදාළ පුද්ගලයා සිංගප්පූරුවේ සේවය කිරීමෙන් මසකට විශාල මුදලක් ඉපයිය හැකි බව දැරියට පවසා ඇත. ඇය ලිංගික ශ්‍රමිකයකු ලෙස බඳවාගෙන සිංගප්පූරුවට එවීම සඳහා කටයුතු යොදා ඇත්තේ ද එම පුද්ගලයා විසිනි.

පසුගිය වසරේ ජූලි 24 දා සිංගප්පූරුවට ගොස් ඇති මෙම දැරිය චංගී ගුවන්තොටුපළේ දී හතමුණේ ලියනගේ පුෂ්ප සුරංග නමැති 29 හැවිරිදි පුද්ගලයකු පැමිණ ලිංගික
සේවා සපයන ස්ථානය වෙත යොමු කර ඇත. හතමුණේ ලියනගේ පුෂ්ප සුරංග නමැති පුද්ගලයා දැරිය අත්අඩංගුවට පත් වීමෙන් පසු සිංගප්පූරුවෙන් පිටව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරු පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ. දැරිය සේවය කළ ලිංගික සේවා සපයන ස්ථානයේ අයිතිකරුට මාස තුනක සිර දඬුවමක් සිංගප්පූරු අධිකරණය විසින් පනවනු ලැබ තිබේ. පසුගිය සමයේ කුඩා දැරියන් සහ තරුණියන් ලිංගික ශ්‍රමිකයන් ලෙස සිංගප්පූරුවට පැටවීමේ ජාවාරමක් ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස ක්‍රියාත්මක වූ බවට ද වාර්තා වී තිබුණි.

- සිතාරා කුලරත්න

Latest Posts

විශේෂාංග

මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) මහින්දගේ ගෝලයෙක් තුල්හිරිය වන්දි සටන හයිජැක් කළා - 71 ට පසු (පස්වන කොටස) 2017-05-25 - තුල්හිරිය කම්හලේ සේවය අහිමි වෙලා, වසර විසි හයක්...
අටවැනි මැයි දහ අට අටවැනි මැයි දහ අට 2017-05-23 - සමීප රූපය යුද්ධයක දී මුලින්ම මරාදමනුයේ සත්‍...

කතුවැකිය

කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න කතුවැකිය: මැයි 18ට අලුත් අරුතක් දෙන්න 2017-05-22 - යුද්ධයේ අවසානය දැක ඇත්තේ මළවුන් පමණි යනුවෙන්...
කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය කතුවැකිය: බිත්තියට හේත්තු කර පිළිතුරු ලබා ගත නොහැකිය 2017-05-15 - මිනිසකු බිත්තියට හේත්තු කිරීම භයානක ක්‍රිය...
කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන කතුවැකිය: තෝ මිටියයි මං මිටියයි න්‍යාය සහ වැඩවර්ජන 2017-05-08 - ඉදිරි කාලය තුළ වැඩවර්ජන රැල්ලක් ඒමට නියමිත බව...

දේශපාලන

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි? 2017-05-22 - සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි...
මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? මෙතැන් සිට සංහිඳියාවට පියවර කීයක් තිබේද? 2017-05-15 - අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්...
දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? දේශපාලන සටහන: සුරුට්ටුව පත්තු වන්නේ ඇතුල් පැත්තට නම් ඔබ කුමක් කළ යුතුද? 2017-05-08 - සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ...
ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? ලංකාව ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? 2017-05-03 - ලංකාව මුහුණ පා සිටින ණය උගුලෙන් ගොඩ ඒමට නම් වසරකට...

Face Book Setup 01