දේශීය ආදායමේ කප්පම් මාෆියාවක්

පුවත්
Typography

රුපියල් 10,000කට වඩා දුරකථන ගාස්තු ගෙවන ග්‍රාහකයන්, අලුතින් වාහන මිලදී ගන්නා පුද්ගලයින්, සුපිරි නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගන්නන්, මාසිකව ක්‍රෙඩිට් කාඞ් බිල රුපියල් ලක්ෂය ඉක්මවන්නන් කැඳවා ඔවුන් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දඩ ගසන බවට තැරැව්කරුවන් හරහා බිය ගන්වමින් කප්පම් ගන්නා මාෆියාවකට දේශීය ආදායම්  බදු දෙපාර්තමේන්තුවේ රැකවරණ ලැබී ඇති බව හෙළි වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි ගණනාවක් හරහා වන අතර ඒ සම්බන්ධව අප කළ විමසුමක දී  ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු ඒ බව සනාථ කරනු ලැබීය.

අප කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු සහ එක් සහකාර කොමසාරිස්වරයකු විසින් මෙම කප්පම් ගැනීමේ මාෆියාව දියත් කර ඇති බවට මෙන්ම ඒ පිළිබඳ  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරිය වෙත පැමිණිලි කළ ද ඇය ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ලැබුණු පැමිණිලිවල සඳහන්ව ඇති බවය. එසේම දිගින් දිගටම මේ සම්බන්ධව පැමිණිලි ලැබෙන්නට ගෙන ඇති බැවින් ජනාධිපතිවරයා දැනුවත් කර ඉදිරියේ දී කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කරන බවත් නියමිත බදු ගෙවීම් පටිපාටියෙන් පරිබාහිරව  මේ මාෆියාවට හසු වූ අය ඇත්නම් ඒ පිළිබඳව ජනාධිපති කාර්යාලයට ලිඛිතව දැනුම් දෙන ලෙස ද එම නිලධාරියා සඳහන් කර සිටියේය.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය යොදා සකස් කළ ලිපියක් දුරකථන ග්‍රාහකයන්, අලුතින් මෝටර් රථ මිලදීගත් පුද්ගලයන් සහ ක්‍රෙඩිට් කාඞ් භාවිත කරන්නන්  සැලකිය යුතු ප්‍රමාණයකට  යොමු කිරීම හරහා ඔවුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. ඕං Tax administration (cooperative small entities and non-cooperative sector) අංශය විසින් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 106(14) ප්‍රකාරව ඇති බලතල අනුව අදාළ ලිපිය යොමු කරන බව දක්වමින්ය.

අප වෙත වාර්තා වන ආකාරයට මෙම ලිපියට ප්‍රතිචාර දක්වා පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණි මෙම මාෆියාවේ තැරැව්කාරකම් කිරීමට යොදවා ඇති නිලධාරීන් හරහා මෙච්චර ප්‍රමාණයක් වියදම් කළ හැකි නම් මෙතරම් ප්‍රමාණයකට බදු ගෙවිය යුතු බවත් නැති නම් නෛතික ක්‍රියාමාර්ග ගන්න වන බවපෙන්වමින්  ඔවුන්ව බිය වද්දා පසුව එම ගැටලුවෙන් නිදහස් කිරීම වෙනුවෙන් කප්පම් මුදලක් යෝජනා කරයි. මෙම මාෆියාව මේ අයුරින් සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන්ව පවා කැඳවා ඇති අතර දැනුම් තේරුම් ඇති ඇතැමුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත්තේ අදාළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ බැණ දෝෂාරෝපණය කරමින්ය. එහෙත් බදු ගෙවීම් සම්බන්ධ එතරම් දැනුමක් නොමැති බොහෝ දෙනකු බියවද්දා මුදල් ලබා ගැනීමට මෙම මාෆියාව සමත්ව ඇත.

මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේ දී දේශීය ආදායම් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 106(14) ප්‍රකාරව යනුවෙන් සඳහන් කර අදාළ ලිපිය යොමුකර ඇති නමුත් එය තුළ දෙපාර්තමේන්තු පනතේ 208 උල්ලංඝනය වන බවය. එසේම cooperative small entities and non-cooperative sector යනුවෙන් අංශයක් ගැන ලිපියේ සඳහන්ව ඇතත් එවැනි අංශයක් පිළිබඳ තමන් දැනුවත් නොමැති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු විසින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති අතර එවැන්නක් සිදුව ඇත්තේ පළමු වතාවට බව ද සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ ලිපිය පවා දෝෂ සහිත වන බවය. එය මුළුමනින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙහෙවර ඉටු කිරීමකට වඩා පුද්ගලයන් කිහිපදෙනකුගේ මඩිය තරකර ගැනීම වෙනුවෙන් හදිසියට සකස් කර ඇති ලිපියක් බවත් මේ වන විට දුරකථන සමාගම් තම දෙපාර්තමේන්තුවට කතා කර සිය ග්‍රාහකයන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධව අප්‍රසාදය පළකර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. එසේම බදු ගෙවීම පැහැර හැරීමක් සිදුකර ඇති පාර්ශ්ව සම්බන්ධව කටයුතු කිරීමට විධිමත් ක්‍රමවේදයක් සහ ඒ වෙනුවෙන් වගකීම් දරන නිල අංශ දෙපාර්තමේන්තුව සතුව ඇති බවත් මෙම මාෆියාව ඊට පරිබාහිරව ක්‍රියා කරන ඒකකයක් බවත් ද වැඩිදුරටත් පැවසේ.

එසේම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මෙම මාෆියාව වැළැක්වීමට කටයුතු නොකිරීම තුළ දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට දැඩි කැළලක් සිදු වෙමින් ඇති බවත් ජනතාව තුළ දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති විශ්වාසය බිඳ වැටෙන  මෙවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය ආදායම් තවදුරටත් හීන වන අවදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

- සංජය ලියනගේ

Latest Posts

විශේෂාංග

ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? ගාල්ල කො‍ටුවේ නිවාස සහ දේපළ බහුතරයක අයිතිය විදේශිකයන්ට ද? 2017-10-09 - 1588 වසරේදී ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්...
දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ "නූගත් බව" දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා, ජනමාධ්‍ය සහ 2017-09-07 - ප්‍රසිද්ධියේ සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස පෙනී...
පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? පාස්කරලිංගම් මහත්තයෝ, බිලියන ගණනක බදු මුදල් අහිමි කළ කල්‍යාණිය ගැන දන්නවාද? 2017-09-02 - දිනක් එක්තරා මෝඩ ගැමියකු නිවස අසලවූ උස් ගසක වහළට...

කතුවැකිය

බීරවාදය බීරවාදය 2017-11-20 - 2017-11-19 සමහරු ව්‍යවස්ථාව එපා කියන ආකාරයෙන්ම බීර මිල...
පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් පෙර බිමට නොපැමිණි අභිලාෂයන් සහිත අය වැයක් 2017-11-15 - 2017-11-12 අයවැයේ ප‍්‍රධාන අරමුණක් ලෙස 2025 වන විට ලංකාව...
සයිටම්:සටන අත්හලේ යෝධයාය සයිටම්:සටන අත්හලේ යෝධයාය 2017-11-07 - 2017-11-05 සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය දුන් පිළිතුර...

දේශපාලන

දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් දෙව්දත්තර මාවතේ දඩ සිඟා වැඩීමට පසුවදනක් 2017-09-25 - ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිටට 20දා මහාධිකරණ...
ගල් ඔයට මින්නේරියට යනවාද - නූතන ලෝකයට යනවා ද? ගල් ඔයට මින්නේරියට යනවාද -  නූතන ලෝකයට යනවා ද? 2017-09-19 - ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික රටක් ලෙසිනි. අන්...
අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය අනුක්ත සතුරකුට තර්ජනය කිරීම නිරර්ථකය 2017-09-11 - ලංකාවේ පාලකයන් පාලකයාගේ කාර්යභාරය හැර ඇන් සි...
66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 66න් පසු තෙවන ඇසක් විවර කර ගත යුතුය 2017-09-04 - ශ්‍රීලනිපයට වයස 66කි. ශ්‍රීලනිප සභාපතිවරයා මෙන්ම...

Face Book Setup 01