ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කල නින්දිත ප්‍රහාරය හෙලා දකිනවා -ජවිපෙ

පුවත්
Typography

ඊයේ(17)දින විශ්වවිද්‍යාල සිසුන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන්ඩ කියමින් කොළඹදී පවත්වන ලද උද්ඝෝෂණයට ආණ්ඩුව පොලිසිය යොදාගෙන සිසුන්ට එල්ල කල අමානුෂික ප්‍රහාරය තරයේ හෙලාදකින බව ජනතා විමුක්ති පෙරමුණ අද මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

එහිදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශකලේ සිසුන් මහාමාර්ගයෙන් ඉවත් වුණායින් පසුවත් පොලිසිය සිසුන්ට පහරදුන්නා.සිසුන් පෙලපාලිගියේ ආණ්ඩුව එක්ක ගහගන්ඩ නෙමෙයි.නමුත් සිසුන්ට පහර දුන්නේ අපරාධ කාරයන්ට පහරදෙන විදිහට.මුලින්ම අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සියලු සිසුන් කොන්දේසි විරහිතව නිදහස් කල යුතු බව අපි ආණ්ඩුවට කියනවා.

වෙඩි තියල උද්ඝෝෂණ නවත්තන්ඩ හදපු හැම ආණ්ඩුවක්ම ඉක්මනින් ගෙදර ගියා.උදාහරණයක් ගත්තොත් මහින්දගේ ආණ්ඩුව රතුපස්වලදී වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරපුවහම,හලාවතදී ධිවරයො උද්ඝෝෂණ කලාම,කටුනායකදී සේවක අර්ථ සාධක අරමුදල ආරක්ෂා කරගැනීමට උද්ඝෝෂණ කලාම වෙඩිතියල මරල දැම්ම.අන්තිමේදී මහින්ද රාජපක්ෂව ගෙදර යැව්වා විතරක් නෙමෙයි ඒවාට කරගහපු කීපදෙනෙක් බන්ධනාගාර වල.

ඒ නිසා අපි මේ ආණ්ඩුවටත් කියන්නේ ජනතාව අපහසුතාවයට පත්වෙනවාය කියමින් උද්ඝෝෂණ මර්ධනය නොකර ජනතාව අපහසුතාවයට පත්වෙන්නෙත් නැති වෙන්ඩ,අනාගත පරපුර අපහසුතාවයට පත් නොකර මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම කල යුතුයි.යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Latest Posts

විශේෂාංග

රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත රැල්ලට නොපෙඟී සයුරට දියවන වැල්ලේ ජීවිත 2017-08-21 -  අපට සාමාන්‍ය ජීවිතයේ දී වැඩිපුර හමුවන්නේ ර...
නියඟය, ගොවියෝ සහ පැලැස්තර  නියඟය, ගොවියෝ සහ පැලැස්තර 2017-08-21 - නියඟය මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් බවට...
හරන්තිකලාට තාත්තා කීම හරන්තිකලාට තාත්තා කීම 2017-08-21 - ලංකාව හරි පුදුම රටකි. හැම වෙලාවේම පාහේ සුරුට්ටුව...

කතුවැකිය

දෑවුරුදු ආර්ථිකය දෑවුරුදු ආර්ථිකය 2017-08-21 - ආණ්ඩුවට වසර දෙකකි. වසර දෙකකට පසු යහපාලන ආණ්ඩුව...
අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය අගමැතිගේ අභියෝගය සහ ජනමාධ්‍ය 2017-08-14 - “හම්බන්තොට වරායේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සියලු...
උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි උතුරේ ගිනි නිවීමට දේශපාලන විසඳුම ඉක්මන් කළ යුතුයි 2017-08-07 - යාපනයේ දී ළඟ ළඟම බරපතළ සිදුවීම් දෙකක් වූයේය. එකක්...

දේශපාලන

දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් දිය බොර කරන මාළුවාට එදිරිව හැට දෙලක්ෂයක් 2017-08-21 - හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය...
හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට හොරුන්ට දඬුවම් නොදුන් වරදට දඬුවම ආණ්ඩුවට 2017-08-14 - මේ ආණ්ඩුව තුප්පහි ආණ්ඩුවක් බව බැසිල් රාජපක්ෂ...
ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? ලිච්ඡවී පාලනය තුන්බියට හසුවේද? 2017-08-01 - හිටපු මුදල් ඇමැති බදු ගත් සුපිරි නිවසකට මුදල්...
ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? ජූලියේ කළුව පරදවන ඔසුව ඇත්තේ කොතැනද? 2017-07-24 - ජූලියේ අවසන් සතිය යනු ලංකා ඉතිහාසය අඳුරු ලෝකයකට...

Face Book Setup 01