ජනාධිපති ක්‍රීඩා සම්මාන අද BMICH හිදී

පුවත්
Typography

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරු 5ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මේ ක්‍රීඩා සම්මාන උළෙලේදී විවිධ අංශවල දස්කම් දැක්වූ 50දෙනෙකුට අධික පිරිසකට ජනාධිපත් සම්මාන ප්‍රදානය කිරීමටනියමිතව ඇත.

ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ ආදර්ශවත් ක්‍රීඩාශීලීත්වය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනමනු ලබන ජනාධිපති ගෞරවනාම පිරිනැමීමට නියමිත අතර එයට ක්‍රීඩාභිමානී, ක්‍රීඩා දේශෝත්තර, ක්‍රීඩා කීර්ති, ක්‍රීඩා ලංකා ප්‍රදීප, ක්‍රීඩා භූෂණ, ක්‍රීඩා රත්න, ක්‍රීඩා ප්‍රභා යන විශිෂ්ටතා සම්මාන ද පිරිනමනු ලබයි.

2016 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා විවිධ ක්‍රීඩා ක්ෂේත්‍රවල දක්ෂයන්ට මේ සම්මාන උළෙලේදී ජනාධිපති සම්මාන පිරිනැමෙන අතර පසුගිය වසරේ නොවූ 16න් පහළ දක්ෂතම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම මෙන්ම පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙවර සම්මාන පිරිනැමේ.

මිට අමතරව දිස්ත්‍රික්ක 25ක වයස අවුරුදු 12ට වැඩි ශිෂ්‍යත්වලාභීන් 25ක් වෙනුවෙන් ‘ක්‍රීඩා දිරිය’ මාපිය කැපකරු ක්‍රමයේ ප්‍රතිලාභ ප්‍රදානය, ජාතික කණ්ඩායම් 48ක අවුරුදු 18ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රතිලාභ හිමිවන ‘ක්‍රීඩා සුරැකුම’ රක්ෂණ ක්‍රමය හා වයස අවුරුදු 60 ට වැඩි (රජයෙන් විශ්‍රාම වැටුප් නොලඹන) ප්‍රතිලාභීන් දස දෙනකුට ‘ක්‍රීඩා සෙවන’ විශ්‍රාම වැටුප් ප්‍රදානය මේ සම්මාන උළෙලේදී පිරිනැමේ.

Latest Posts

විශේෂාංග

රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! රටක් වට කළ රෙදි පටක්! හොටක් දිගු කළ ‘අධිකරණයක්’ ! 2017-06-26 - මේකට සංවිධානයක් කියා නමක් තිබ්බේ විහිළුවට වගේ...
රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක රටට හිඟන්නාගේ ජීවිතේ ගතකළ නොහැක 2017-06-19 - කැබිනට් සංශෝධන යටතේ තනතුරු වෙනස් වූ ඇමැතිවරුන්ට...
තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! තේ කෝප්පයට සීනි කිලෝ එකක් ! 2017-06-12 - ලෝක වෙළඳ පොළේ සීනි මිල සීඝ්‍රයෙන්  අඩු වී ඇති...

කතුවැකිය

ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 ඥානසාර හිමියනි, වඩා වැදගත් වෛරයද ? මෛත්‍රියද? - කතුවැකිය 2017 ජුනි 25 2017-06-26 - පොලිස් කණ්ඩායම් හතරක් විසින් සති දෙක තුනක් ත...
ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු ඩෙංගු මැඬීමට සාමාජීය අරමුණකට බද්ධ වෙමු 2017-06-19 - ඩෙංගු පසු සංකූලතා තත්ත්වය උත්සන්න වී ඉකුත් සතියේ...
කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 කඳු නාය ගියේ සාමාන්‍ය ජනයාගේ වරදකින් නොවේ: කතුවැකිය - 2017 ජුනි 11 2017-06-12 - ගංවතුර බැසයාමෙන් පසුව ජනපතිවරයා කළුතර ප්‍ර...

දේශපාලන

ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද? 2017-06-26 - 2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ...
ගෝඨාභයට වචනයක් ගෝඨාභයට වචනයක් 2017-06-12 - “මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ...
“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම “සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම 2017-06-05 - රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍ර...
සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය 2017-05-29 - 2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු...

Face Book Setup 01