කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එච්. කපිල කුමාර මහතා පවසන්නේ කැළණිය ප‍්‍රාදේශීය බල ප‍්‍රදේශයේ හිඟ වරිපනම් බදු නොගෙවන පුද්ගලයන්ගේ දේපළ තහනම් කරන බවයි.

Read more ...
Write comment (0 Comments)

2017 යල කන්නයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගා කල ගොවීන්ට කඩිනමින් පොහොර සහනාධාර මුදල් ගෙවීමට කටයුතු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ජී.ජී. හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරයි.

Read more ...
Write comment (0 Comments)

මාතර දිස්ත්‍රිකයේ දේශීය කර්මාන්ත රැසක් කඩා වැටීමේ දැඩි අවදානමක පවතින බව එම දේශීය කර්මාන්තයන්හි නියැළෙන කර්මාන්තකරුවන් පෙන්වා දෙති. දේශීය මැටි කර්මාන්තය දේශීය බට සහ වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනකරුවන් මේ වන විටත් අඛණ්ඩව එම කර්මාන්තවලින් ඉවත්ව යමින් සිටින බවට අනාවරණය වී තිබේ. දේශීය කිතුල් පැණි හකුරු කර්මාන්තයට ද අත් ඇති ඉරණම ඉතාමත් කනගාටුදායකය.

Read more ...
Write comment (0 Comments)

මීට වසර තිහකට පමණ ඉහත දී වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව සෝමාවතිය ජාතික වනෝද්‍යානය දෙවන කට්ටිය රජයේ අති විශේෂ ගැසට් නිවේදනයකින් එහි සීමාකම් පිහිටි මායිම් ඔස්සේ දක්වමින් ප්‍රකාශයට පත් කළ ද වනජීවී දෙපාර්තමේන්තුව එම පිහිටි මායිම් නොසලකා හිතුමතයේ වනජීවී කලාපය ලකුණු කිරීම සහ සිතියම්ගත කිරීම නිසා සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවන කොටසෙන් අක්කර දසදහසක් පමණ අහිමි කර ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

Read more ...
Write comment (0 Comments)

පවතින දැඩි නියඟය හේතුවෙන් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 08 ක ගොවි පවුල් 4000ක් පමණ වගා කරන ලද හෙක්ටයාර් 1200ක් පමණ ගොවි බිම් විනාශ වීමේ තර්ජනයට ලක් ව ඇත. මෙවර මාස් කන්නයේ වර්ෂාව නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති අතර, එයින් අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ හේන් ගොවිතැනින් ජීවත් වන අයයි.

Read more ...
Write comment (0 Comments)

පොළොන්නරුව දිවුලාන බටතුන කුණු ඇළේ වෙසෙන කිඹුලන් මියයන්නට පටන් ගෙන ඇතැයි එම ප්‍රදේශවාසීහු පවසති. මෙම ඇළෙහි වෙසෙන කිඹුලන් දෙදෙනකු ඉකුත් සතියේ මිය ගොස් සිටි බව නිරීක්ෂණය වූ බවත් මීට මාසයකට පමණ ඉහත දී ද මෙවැනි ම කිඹුල් මරණ දෙකක් සිදු වී ඇති බවත් ගම්වැසියෝ පවසති.

Read more ...
Write comment (0 Comments)

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ නීත්‍යානුකුල නොවන ලෙස අනුන්ගේ ඉඩම්වලට පතල් කැපීම සඳහා බලපත්‍ර ලබා ගනිමින් ඉතා අසාධාරණ ලෙස වසර දෙකක් තිස්සේ පතල් කපමින් මැණික් ගරමින් කෝටි ගණනක් අනුන්ගේ මුදල් ගසා කෑ කණ්ඩායමක එකී බලපත්‍රය මේ වන විට අවලංගු වී බොහෝ කාලයක් ගත වී ඇති මුත්, තවමත් එම පතල් වසා නොදමා මෙම ආණ්ඩුවේද දේශපාලන සහය ලබා ගනිමින් නැවත පතල් ගැරීම සඳහා උත්සාහයක නිරතව සිටී.

Read more ...
Write comment (0 Comments)

More Articles ...

Face Book Setup 01