අම්බලන්තොට ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වටේ

ප‍්‍රාදේශිය පුවත්
Typography

අම්බලන්තොට තවාලුවිල ප්‍රදේශයේ එනම් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ දෙපස තිබු විශාල මාර ගසක් අද (13) දින පෙරවරුවේ එකවරම ඉගිලී වැටීමෙන් මාර්ගයේ එක පසෙක පවත්වාගෙන ගිය වෙලදසැලක් හා ත්‍රී රෝද රථයකට හා අවට දේපල වලට හානි සිදුවි තිබේ.

මෙම ගස වසර 50 කට පමණ වැඩි කාලයක් පැරණි වන අතර ගස අඩි 25 ක පමණ විෂ්කම්බයකින් යුත් කදක් සහිත අඩි 40ක පමණ උසකින් වැඩී තිබේ.ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ස්ථානයක මෙම ගස ඉගිලී වැටීමෙන් එම ස්ථානයේ පවත්වාගෙන යනු ලැබූ වෙලදසැලක් සම්පූර්ණයෙන් විනාශ වූ අතර ටෙලිෆෝන් කනුවක්ද දෙකට කැඩී ගොස් තිබිණි .එම ස්ථානයේ නවතා තිබු ත්‍රී රෝද රථයක්ද ගසට යට වීමෙන් හානි සිදු විය.ගස ඉගිලී වැටීම නිසා එම ප්‍රදේශයේ සිටි ජනතාවට කිසිදු හානියක් සිදු නොවූ අතර සිදු වීමට තිබු විශාල හානියක් වැළකී ගියේ එම වෙලාවේදී මාර්ගයේ කිසිදු වාහනයක් හෝ ජනතාව වැඩිපුර එක්රැස් නොවී සිටීම නිසා බව ජනතාව පවසයි.

වන්දනාවේ යන වාහන නිරන්තරයෙන් ගිමන් හැරීම සදහා මෙම විශාල ගස් සහිත සෙවන උපයෝගී කරගන්නා බවත් මෙවැනි ආකාරයේ තවත් අනාරක්ෂිත විශාල ගස් කිහිපයක්ම කොළඹ -කතරගම ප්‍රධාන මාර්ගය දෙපස තිබෙනා බැවින් බලධාරීන්ගේ අවධානයට මෙම සිදුවීම මුල් කරගෙන ජීවිත හානියකින් තොරව මෙම ගස් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටීයි.