ත‍්‍රිකුණාමලය මාධ්‍යවේදීන් තිදෙනෙකු ජය ලබයි

ප‍්‍රාදේශිය පුවත්
Typography

මෙවර පලාත් පාලන මැතිවරණයට ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් අතරින් තිදෙනෙකු සිය ජය තහවුරු කර ගනු ලැබීය.
තඹලගමුව ප‍්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කල මොහොමඞ් ඉක්බාල් රිකාස් අහමඞ්, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් ත‍්‍රිකුණාමලය නගර සභාවට තරග කල වඩමලෙයි රාජ්කුමාර් හා මුතූර් ප‍්‍රාදේශීය සභාවට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් තරග කල අමීර් සුල්තාන් මොහොමඞ් තානීස් යන මාධ්‍යවේදීන් මෙසේ සිය ජය තහවුරු කර ගෙන තිබුණි.


මෙවර මැතිවරණය සඳහා ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු හය දෙනෙකු තරග කරනු ලැබීය.