T-20 අවසන් තරගය ශ්‍රී ලංකාවට අහිමි වේ

ක්‍රීඩා
Typography

ආ‍සියානු කුසලාන T-20 තරඟාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වුණු තරඟය කඩුළු5කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ අවසන් මහා තරගයට එක්වීමට තිබූ අවසන් අවස්ථාව අහිමි කර ගන්නා ලදී.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ට ලකුණු 138 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 5කට ලකුණු 142ක් රැස්කරමින් ජයග්‍රහණය කරන ලදී.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලි නොදැවී ලකුණු 56 ක් ලබාගනිමින් සිය තුන්වැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඒ සමගම ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයේ එක් පාර්ශ්වයක් වීමේ අවස්ථාව හිමිකර ගත්තේ ය.

Latest Posts

Face Book Setup 01