පසුගිය කාලයේ තලවාකැලේ ලිදුල නගර සභාවේ හිටපු නගරාධිපති අශෝක සේපාල මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදි තලවාකැලේ ලිදුල නගර සභාව වෙනුවෙන් ස්වාධිනව තරඟ කිරිම සදහා නුවරඑළිය මැතිවරණ කාර්යාලය වෙත  අද (13) දින නාම යෝජනා බාර දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමෙන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ.

ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් පසුගියදා තනතුරින් පහ කරන ලද හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස සිය හිටපු නායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

එමර්සන් නන්ගග්වා දැනට රැඳී සිටින්නේ කොතැනකද යන්න රහසක්ව පවතී.

මහජන අභිලාෂය පිළි ගනිමින් ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හෝ නින්දාවට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු මොහොත මුගාබේ වෙත උදා වී ඇතැයි හිටපු උප ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිම්බාබ්වේ දේශපාලන කරළියෙහි එමර්සන් නන්ගග්වා හඳුන්වනු ලබන්නේ (කිඹුලා- CROCODILE) යනුවෙනි.

තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව දැන ගැනීමට ලැබුණ හෙයින් රටින් පළා යාමට සිදු වූ බවත් හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා පවසයි.

"සිය ජනතාව ඉදිරියේ පැහැදිලි නිර්භීත ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස තමා අනූ තුන් හැවිරිදි ජනාධිපති මුගාබේගෙන් ඉල්ලා සිටි" බව එමර්සන් නන්ගග්වා සඳහන් කළේය.

Read more ...
Write comment (0 Comments)

ආන්දෝලනයට පත් බැඳුම්කර සිදුවීමේදී වගකිවයුතු පාර්ශවයක් ලෙස සලකන  පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා රටින් පිට වීමට කළ ඉල්ලීම  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් අද (25) ප්‍රතික්ෂේප කර තිබේ.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට පහර කිහිපයක් එල්ල කිරීමෙන් බවට ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මෙම ඝාතනයේ පරීක්ෂණ වලින් පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සහ රස පරීක්ෂක වාර්තාවේ තිබු  පරස්පරතා හේතුවෙන් ලසන්ත වික්‍රමතුංග ගේ දේහය ගොඩගෙන  යලි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරණ ලදී.

එහි වාර්තාව අද ගල්කිස්ස ප්‍රධාන  මහේස්ත්‍රාත් මොහොමඞ් මිහයිල් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.

2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි.2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී ලසන්ත වික්‍රමතුංග මහතා මරා දමා තිබිණි.

Write comment (0 Comments)

නීති විරෝධී ජාවාරමක් බවට පත්කර ගැනීම හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති කරුංකා ප්‍රතිඅපනයනය කිරීමේ ව්‍යාපාරය නෛතික පටිපාටියට යටත්ව නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇතැයි වාර්තා වෙයි.

Read more ...
Write comment (0 Comments)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසින් ලිප්ටන් වටරවුම අශ්‍රිතව ඊයේ(22) දිනයේ පවත්වාගෙන යන ලැබූ සත්‍යයග්‍රහයට පොලිසිය විසින් අද(23) ජල ප්‍රහාර එල්ල කර අතර එහිදී සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ඔවුන් ඇප මත නිදහස් කරහැරියේය.

Read more ...
Write comment (0 Comments)

ජනමාධ්‍ය ආයතන ශ්‍රේණිගත කිරීමේ සමාගම් දෙකක් මඟින් දේශපාලන කොන්ත්‍රාත් ගන්නා බවට මතු වී ඇති සැකය නිසා එම සමාගම්වලින් නිකුත් කරන නිර්දේශ පිළිබඳව බරපතළ සැකයක් මතු වී තිබේ.

Read more ...
Write comment (0 Comments)


පසුගිය රජය සමයේ දී ඇමති වරයෙක්ව සිටියදී වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කැඳවා ඇති අතර ඒ බඩඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට සඳහා බව වාර්තාවේ.
ඒ, 2014 වසරේදී ඔහු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කාලයේ බඩඉරිඟු බීජ බෙදාහැරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කළ කැඳවීමකට අනුවය.

Write comment (0 Comments)
Page 1 of 3

Latest Posts

Face Book Setup 01