IPL ශූරයෝ සන්රයිසස් - වටිනාම ක්‍රීඩකයා කෝලි

ක්‍රීඩා
Typography

විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරාජයට පත් කර, බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ඊයේ (29දා) රාත්‍රියේ පැවැති 09 වැනි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 08 ක් තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.

හයිද්‍රාබාද් කණ්ඩාය පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් රැස්කළ ලකුණු 208 ක් දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස සත්කාරක බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 200 ක් පමණි.

අයි.පී.එල්. තරග ඉතිහාසයේ පළමු වරට සන්රයිසර්ස් ශූරයන් ලෙස කිරුල පැළඳි අතර, බැංගලෝර් අනුශූරයන් වූ තෙවැනි අවස්ථාව මෙය වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 07 ක් දැවී ලකුණු 208 ක් රැස්කිරීමට සමත්විය. අවසන් පන්දුවාර කිහිපයේදී ප්‍රහාරාත්මක ඉනිමක් දියත් කළ බෙන් කටින් පන්දු 15කදී නොදැවී හයේ පහර 04 ක් හා හතරේ පහර 03 ක් සමඟ ලකුණු 39ක් රැස්කළේ ය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කරමින් බැංගලෝර් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ගේල් - කෝලි සුසංයෝගය පළමු කඩුල්ලට පන්දු 63කදී ලකුණු 114 ක් රැස්කිරීමට සමත්විය. පළමු කඩුල්ල ලෙස පන්දු 38කදී ලකුණු 76 ක් රැස්කරගෙන සිටි ක්‍රිස් ගේල් දැවී ගිය අතර, ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ විරාට් කෝලිද ලකුණු 54 ක් රැස්කරගෙන සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔවුන් දෙදෙනා හැරෙන්න වෙනත් කිසිදු පිතිකරුවෙකුට බැංග්ලෝර් වෙත ජයග්‍රහණය කරා ගෙන යාමට අවශ්‍ය ඉනිමක් ක්‍රීඩාකිරීමට නොහැකි විය.

අවසන් තරගයේ වීරයා ලෙස බෙන් කටින් සම්මාන දිනාගත් අතර, මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (973) වූ විරාට් කෝලි තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය. ඊට අමතරව සන්රයිසර්ස් කණ්ඩායමේ මුස්තාෆිසුර් රෙහමාන් නැගී එන ක්‍රීඩකයා ලෙසද, ඒ.බී. ඩිවිලියර්ස් දක්‍ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන දිනාගත්තේය.


හයිද්‍රාබාද් 208/7 (පන්දුවාර 20)

ඩේවිඩ් වෝනර් 69 (38, 4x8, 6x3)
ශිකර් දවාන් 28 (25, 4x3, 6x1)
මොයිසස් හෙන්ඩ්‍රික්ස් 04 (5)
යුවරාජ් සිං 38 (23, 4x4, 6x2)
දීපක් හූදා 03 (6)
බෙන් කටින් නොදැවී 39 (15, 4x3, 6x4)
නමන් ඕජා 07 (4, 4x1)
බිපුල් ශර්මා 05 (3, 4x1)
බුවනේෂ්වර් කුමාර් නොදැවී 01 (1)

 

බැංග්ලෝර් පන්දු යැවීම

ශ්‍රීනාත් අරවින්ද් 2/30 (4)
යුස්වේන්ද්‍ර චාහල් 1/35 (4)
ක්‍රිස් ජෝඩන් 3/45

 

බැංග්ලොර් 200/7 (පන්දුවාර 20)

ක්‍රිස් ගේල් 76 (38, 4x4, 6x8)
විරාට් කෝලි 54 (35, 4x5, 6x2)
ඒ.බී. ඩිවිලියර්ස් 05 (6)
ලෝකේෂ් රාහුල් 11 (9, 4x1)
ශේන් වොට්සන් 11 (10, 4x1, 6x1)
සචින් බේබි නොදැවී 18 (10, 4x1, 6x1)
ස්ටුවර්ට් බිනී 09 (7, 6x1)
ක්‍රිස් ජෝඩන් 03 (4)
ඉක්බාල් අබ්දුල්ලා නොදැවී 04 (2, 4x1)

 

හයිද්‍රාබාද් පන්දු යැවීම

බාරින්දර් සරන් 1/41 (3)
බෙන් කටින් 2/35 (4)
මුස්තාෆිසූර් රෙහමාන් 1/37 (4)
බිපුල් ශර්මා 1/17 (2)