36 වැනි ජාතික ස්කෝෂ් තරඟාවලිය හෙට ඇරඹේ

ක්‍රීඩා
Typography

36 වැනි ජාතික ස්කොෂ් තරගාවලිය හෙට (17) දිනයේ කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය සංවිධානය කරන මෙම තරඟාවලිය ලබන 20 වැනිදා දක්වා පැවැත්වේ.

පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි අධුනික සහ කාන්තා ආධුනික යන කාණ්ඩ හතර යටතේත් වයස 35 න් ඉහළ පිරිමි, ජ්‍යෙෂ්ඨ පිරිමි වයස 45 න් ඉහළ, ප්‍රවීණ පිරිමි වයස 50 න් ඉහළ සහ ප්‍රවීණ පිරිමි වයස 55 න් ඉහළ යන අනු කාණ්ඩ හතර යටතේත් තරග පැවැත් වීමට නියමිතය. 

යාර්ඞ්ලි ලන්ඩන් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වෙති. තරගාවලියේ පිරිමි කේවල සහ කාන්තා කේවල අවසන් මහ තරග 20 වැනිදා පස්වරු 5.00 සිට පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ පැවැති ජාතික ස්කොෂ් තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රවිඳු ලක්සිරි සමත් වූ අතර කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නඳුනි ගුණවර්ධන සමත් වූවාය.

තරගාවලියේ කුසපත් ඇදීම මෙම 11 වැනිදා පස්වරු 5.00 ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Latest Posts