ICC ය වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නම් කරයි

ක්‍රීඩා
Typography

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන වසරේ ICC  ටෙස්ට් හා එක්දින කණ්ඩායම අද දිනයේදී ප්‍රකාශයට පත්කර තිබේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන රාහුල් ඩාවිඩ්, ගැරී කර්ස්ටන් හා කුමාර් සංගක්කාර විසින් 2015 සැප්තැම්බර් මස සිට  2016 සැප්තැම්බර් කාලය තුළ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම කණ්ඩායම් තෝරාපත්කර ගෙන තිබේ.

අයි.සී.සී. වසරේ එක්දින කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් නම් කොට නොමැත. කෙසේ වෙතත් අයි.සී.සී. වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ රංගන හේරත් නම්ව තිබේ.

අයි.සී.සී. එක්දින කණ්ඩායමේ නායකයා ලෙස විරාත් කෝලි නම්කර ඇති අතර ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ඇලිස්ටෙයාර් කුක් නම් කර තිබේ.

වසරේ ක්‍රිකට් ක්‍රිඩාවේ ජීව ගුණය ආරක්ෂා කළ ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ මිස්බා උල් හක් නම් කර ඇති අතර වසරේ විනිසුරු ලෙස මරායිස් එරස්මස් නම්ව තිබේ.

 icc3

icc2

Latest Posts

Face Book Setup 01