දෝනි එක්දින නායකත්වයෙන් ඉවත්වේ

ක්‍රීඩා
Typography

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මහෙන්ද්‍ර සිං දෝනි නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා. ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියට පෙරාතුව ඔහු මෙසේ නායකත්වයෙන් සමුගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහු ඉදිරියටත් කඩුලු රකින්නෙකු හා පිතිකරුවෙකු ලෙස සිය දායකත්වය ඉන්දීය කණ්ඩායමට ලබාදීමට නියමිතය. මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරණ විරාත් කෝලි එක්දින හා විස්සයි20 නායකයා වශයෙන් පත්වීමට වැඩි ඉඩක් තිබෙන බව ඉන්දීය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

2007 වසරේදී ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස දෝනි පත්වූ අතර ඔහු 2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි20 ලෝක කුසලානය හා 2013 ශූරයන්ගේ කුසලානය ඉන්දීයාවට හිමිකර දීමට කටයුතු කළේය.‍ ඔහු 2014 වසරේදී ටෙස්ට් තරඟවලට සමුදුන්නේය.