“මැංගුස් හටනින්“ සිව්වන වරටත් තිස්සට පහසු ජයක්

ක්‍රීඩා
Typography

"59 වන මැංගුස් හටන" - 9 වන එක්දින තරඟය අති විශිෂ්ට අයුරින්, වාර්තා පොත් අලුත් කරමින් මෙවරද තිස්ස මධ්‍ය විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.

පසුගියදා කළුතර මහජන ක්‍රීඩාංගනයේ  පැවතී එක්දින තරගයේදී පළමුව පන්දුවට පහරදුන් තිස්ස මධ්‍ය විද්‍යාලීය ජාතික පාසල් කණ්ඩායම තම පන්දුවාර 50 තුලදී කඩුලු 9 පමණක් දැවී ලකුණු 252 වැනි ප්‍රභල ලකුණු සංඛ්‍යවක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කළුතර විද්‍යාලීය ජාතික පාසල් කණ්ඩායමට ප්‍රතිවාදී තිස්ස මධ්‍ය විද්‍යාලයීය පන්දු යවන්නන් හමුවේ අනත්ත අසරණ තත්වයකට පත්වන්නට සිදුවූහ. කළුතර විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු පිතිකරුවකුට සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් තිස්ස විද්‍යාලීය පන්දු යැවීමේ බලඇණිය ලකුණු 65 වැනි වාර්තාගත අඩු ලකුණු ප්‍රමාණයකට කළුතර විද්‍යාලයීය ඉනිම සිමා කිරීමට සමත් වුහ.

මෙවර පවත්වන ලද තරඟය වාර්තා පොත් අලුත් කල තරඟයක් වූ අතර, එහිදී ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යව වන ලකුණු 65 කළුතර විද්‍යාලීය පිල වාර්තා කල අතර වැඩිම ලකුණු පරතරයක් සහිතව තරඟ ජයග්‍රහණය කිරීම ලෙස ලකුණු 187 කින් තරඟය ජයගත් තිස්ස විද්‍යාලීය කණ්ඩායම වාර්තා පොත් අතරට එක්විය.

මිට පෙර අඩුම කණ්ඩායම් ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තාවී තිබුනේ පෙර වසරේ කළුතර විද්‍යාලය විසින් වාර්තාකර තිබු ලකුණු 68. මේ වන විට වාර්ෂික තරඟ 9 ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 7 ක් ම ජයග්‍රහණය කිරීමට තිස්ස විද්‍යාලීය කණ්ඩායමට හැකිවීම ද වුවිශේෂී සිදුවීමක් වේ. එමෙන්ම පිට පිට සිව් වතාවක් ශුරතාවය දිනාගැනීම විශේෂ සිදුවීමකි.

Thissa v02

Thissa v03

Latest Posts

Face Book Setup 01