අරවින්ද ද සිල්වා ඉල්ලා අස්වේ

ක්‍රීඩා
Typography

2016 වසරේ සිට කමිටුවේ සභාපති ධුරය හෙබවූ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මෙලෙස හදිසියේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර එය ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා ගත් තීරණයක් බව ලිපියේ සඳහන් කර ඇති බවද වාර්තාවේ.ඊයේ පස්වරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.

51 හැවිරිදි අරවින්ද ද සිල්වා 2003 වසරේදී ක්‍රීඩාවෙන් සමු ගත අතර එදා සිට අද දක්වාම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටු සභාපතිවරයා මෙන්ම ක්‍රිකට් කමුටුවේ සභාපතිවරයා ලෙසට ඔහු කටයුතු කර ඇත.

Latest Posts

Face Book Setup 01