ICC ය චැම්පියන්ස් කුසලාන ත්‍යාග මුදල් ප්‍රකාශය කරයි

ක්‍රීඩා
Typography

ජුනි 1 වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේ පැවැත්වෙන 8 වන චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය(ICC) ය ඊයේ දින සිදුකරන ලදී.

ඒ අනුව චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පිරිනැමෙන මුළු ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් මිලියන 4.5කි.

මෙවර චැම්පියන්ස් ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 2.2ක් හිමි වනු ඇති බව ICC ය ප්‍රකාශ කරයි.

මේ අනුව තරගාවලියේ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් හිමි වෙයි.එසේම අවසන් පූර්ව වටයට පිවිසෙන අනෙක් කණ්ඩායම් දෙක සඳහා ඇමරිකානු ඩොලර් ඩොලර් 4,50,000 බැගින් හිමි වෙයි.

Latest Posts

Face Book Setup 01