කුමාර් සංගක්කාර මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වෙයි

ක්‍රීඩා
Typography

මේ දිනවල එංගලන්තයේ සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී එංගලන්තයේ ඇලිස්ටෙයාර් කුක්,ඩැරිල් මිචෙල්,කොලින් ඉන්ග්‍රම්,පරදා මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගෙන තිබේ.

එංගලන්ත වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ වෙබ් අඩවියේ සහ ‘ස්කයි ස්පෝට්ස්’ වෙබ් අඩවිය ඔස්සේ මෙම ක්‍රීඩකයන්හතර දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ක්‍රිකට් ලෝලීන්ට හිමිවූ අතර අනෙක් ක්‍රීඩකයන් තිදෙනටම හිමි ඡන්ද සංඛ්‍යාවේ එකතුව මෙන් දෙගුණයක් පමණ ඡන්ද කුමාර් සංගක්කාරට හිමිවිය.
ඒ අනුව ප්‍රසාද ලකුණු 167 ක් හිමිකරගනිමින් කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අවසානයේදී අගනාම ක්‍රීඩකයාට ස්ටර්ලින් පවුම් 10,000 ක ත්‍යාගයක් සහ කුසලානයත් හිමිකර ගැනීමේ ඉලක්කය වෙත ලඟාවෙමින් සිටියි.

වසර දෙකකට ඉහතදී ටෙස්ට් පිටියෙන් සමුගත් සංගක්කාර ටෙස්ට් තරග 134 කට, එක්දින තරග 404 කට සහ විස්සයි-20 අන්තර්ජාතික තරග 56 කට ක්‍රීඩා කර ක්‍රීඩාවෙන් සමුගත්තද අදටත් ලකුණු අතර සිටින ක්‍රීඩකයෙකි.

Nevil Fernando Final Edited

Latest Posts

Face Book Setup 01