මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ක්‍රීඩා
Typography

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (11) පස්වරුවේ සාකච්ඡා කර ඇති අතර මැතිව්ස්ගේ තීරණයට තේරීම් කමිටුව එකඟ වී තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ
විවිධ අදහස් පළවෙමින් තිබිණ.

එයට විශේෂ හේතුවක් වුවේ, මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ලසිත් මාලිංග නොමැතිව උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්විය.එහෙත් ඔවුන් තිදෙනා (ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්) සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දීම එක්දින තරගාවලිය පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ සහ බොහෝ මාධ්‍ය වල දැඩි විවේචනයට ලක් වී තිබේ.

එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශය ඇතුළු අනෙක් සියලු ආසියානු රටවල් දෙවෙනි වටයට සුදුසුකම් ලැබූ නමුත්,ශ්‍රී ලංකාවට පළමු වටයේදීම තරගයෙන් ඉවත්වීමට සිදුවීම ද මෙම විවේචනයන් සාධාරණී කරණය වීමට බලපා ඇත.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත්ගේ නමත් එක්දින සහ විස්සයි විස්ස සඳහා උපුල් තරංගගේ නමත් යෝජනා වී ඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නැත.

Latest Posts