සුදුස්සන් දෙදෙනෙක් සිටිනවා -මැතිව්ස්,චන්දිමාල් සහ උපුල් තරංග නායකත්වයට

ක්‍රීඩා
Typography

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය බාර ගැනීම සඳහා සුදුස්සන් දෙදෙනෙකු සිටින බවට තහවුරුවීමත් , මීළඟ ලෝක කුසලානය සඳහා කණ්ඩායමක් සකසා ගැනීමට අවස්ථාව ලබාදිය යුතු නිසාත් තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වූ බව ඇන්ජලෝ මැතිව්ස් අද (12)පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

එහිදී මැතිව්ස් පසුගිය සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පරාජය සම්බන්ධයෙන් වගකීම තමන් බාර ගන්නා බවද සඳහන් කළේය.

"නායකයෙක් කියන්නේ තනිවන අවසථා වැඩියි. නායකත්වය දරණ එක ලේසි නෑ. යන්න අවස්ථාවක් එනවා. බලයට හා අවස්ථාවට තන්හා වෙන්න ඕන නෑ. මම හරිදේ කළා කියලා හිතනවා. ගත්ත තීරණ වැරදි වෙන්න පුළුවන්"යනුවෙන් පැවසිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා විස්සයි 20 නායකයා ලෙස උපුල් තරංග පත්කළ අතර නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරනු ලැබ සිටී.

Latest Posts

Face Book Setup 01