ලෝක ශූරතා රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට

ක්‍රීඩා
Typography

ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත අද (15) උදෑසන සමත් විය.

ඒ, ටී 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේදී මීටර් 57.93 දුර විසිකරමින් මෙම රිදී පදක්කම දිනා ගත් අතර එහි රන් පදක්කම ඉන්දීය ක්‍රීඩකයෙකු දිනා ගත් අතර ලෝකඩ පදක්කම චීන ක්‍රීඩකයෙකු විසින් දිනා ගත්තේය.

රටවල් 92ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමගින් දොළොස්වන ස්ථානයේ පසුවෙයි.

Nevil Fernando Final Edited

Latest Posts

Face Book Setup 01