උසේන් බෝල්ට් හෙට (04) අපරාජිතව සමුගනියි ද?

ක්‍රීඩා
Typography

ඔලිම්පික් රන් පදක්කම් අට වතාවක් දිනා මීටර් 100 සහ 200 කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාව බැබලවූ තරුව උසේන් බෝල්ට් හෙට (4) ලන්ඩන් නුවරදී ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියෙන් පසු ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිතය.


බෝල්ට් තැබූ වාර්තා අතර වසර 2009 ජර්මනියේ බර්ලින් නුවර දී මීටර් 100  ඉසව්ව තත්පර 9.58 කින් නිමාකරමින් තැබූ ලෝක වාර්තාව, එම ක්‍රීඩා උළෙලේදීම මීටර් 200 ඉසව්ව තත්පර 19.19 කින් නිමාකරමින් තැබූ ලෝක වාර්තාවත් තවමත් ඔහු සතුව පවතියි. එසේම 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී ජැමෙයිකාව නියෝජනය කළ මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම හා එක්ව එම ඉසව්ව තත්පර 36.84 කින්  තැබූ ලෝක වාර්තාවත් තවමත්  ජැමෙයිකාව සතුවෙයි.

තවමත් 31විය සපුරා නැති ජැමෙයිකානුවා දස වසරකට ආසන්න කාලයක් පුරා ඔලිම්පික් උළෙල ඇතුළුව ප්‍රධාන පෙලේ  අන්තර්ජාතික තරඟාවලි සියල්ල ජය ගත්තේය.  හෙට ලන්ඩන් නුවරදී ඇරැඹෙන ලෝක ශූරතාවලියේදී සිය තරග දිවියේ අවසන් තරඟයය සනිටුහන් කරනු ඇත්තේද ජයග්‍රහණ වන බව නිසැකය.උසේන් බෝල්ට් ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ “අන්තිම රේස් එක මම නිමා කළේ තත්පර 9.95 කින් එනිසා සිය අවසන් තරගයත් ජයග්‍රහණයෙන් නිමා කිරීමේ තිර අදිටනින් පසුවන බව බවය.

Latest Posts

Face Book Setup 01