2018 යොවුන් ලෝක කුසලානය අද-ශී‍්‍ර ලංකාව හෙට තරඟ වදීයි

ක්‍රීඩා
Typography

2018 ICC යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  ජනවාරි 13 සිට පෙබරවාරි 3 දක්වා නවසීලන්තයේ පැවැත්වෙයි.

මෙවර පැවැත්වෙන  13 වන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට කණ්ඩායම්  16ක් සහබාගි අතර A ,B ,C ,D කාණ්ඩ ලෙස නම් කර ඇත.

A කාණ්ඩයෙන් දකුණු අපි‍්‍රකාව, බටහිර ඉන්දීය කොදෙව්, කෙන්යාව සහ නවසීලන්තය තරග වදින අතර B කාණ්ඩයෙන් ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව , සිම්බාබවේ සහ පැපුවා නිව්ගිනියාවත් , C කාණ්ඩයෙන්  බංග්ලාදේශය, කැනඩාව, නැමීබියාව සහ එංගලන්තය තරග වදිති.ශී‍්‍ර ලංකාව D කණ්ඩයෙන් තරග වදින අතර අයර්ලන්තය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අනෙක් රටවල් වේ.

ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවන පළමු තරගය හෙට(14) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.. මෙවර යොවුන් ලොක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්ව ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස් විසින් දරනු ලබයි.

2000 වසරේදී ශී‍්‍ර ලංකාවේ පැවති යොවුන්  ලෝක කුසලානතරගාවලියේදී අනුශූරයන් බවට පත්වීම ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. අවසන් වරට 2016 වසරේ බංග්ලාද්ශයේ පැවති යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට පිවිසුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම එම තරගාවලියේ පස්වන ස්ථානය හිමි විය.

 යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලි ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව සතුව තවමත් එක් වාර්තාවක් ඇත.ඒ 2002 වර්ෂයේ ඔස්ටේ‍්‍රලියාවේ පැවති යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ යොවුන් පිලට එරෙහිව ශී‍්‍ර ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් කී‍්‍රඩක ජීවන් මෙන්ඩිස් විසිනි. මෙහිදී ජීවන් මෙන්ඩිස්  ලකුණු 19කට කඩුලූ 7ක් බිඳ හෙලීමට  සමත් වූ අතර එය යොවුන් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ තරගයකදී පන්දු යවන්නෙකු දැක්වූ ඉහළම දක්ෂතාව වෙයි.

Latest Posts