කෝලි ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාවක් සම කරයි

ක්‍රීඩා
Typography

ඉන්දීය නායක විරාට් කෝලි ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ තවත් වාර්තාවක් සම කිරීමට සමත් විය.

කණ්ඩායමේ නායකයා ලෙස  ටෙස්ට් ලකුණු 150,ඉක්මවා යාම  8 වතාවකදී  ලබාගනිමිනි.

විරාට් කෝලි මෙම වාර්තාව සම කලේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය වූ ඊයේ (15) ලකුණු 153ක් රැස් කරමිනි.එහිදී ඉන්දීය පිළ මුල් ඉනිම සඳහා ලකුණු 307කට දැවී ගියේය.

මුල් ඉනිමේදී ලකුණු 335ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත් වූ අතර මේ වන විට ඔවුන් දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටියි.

මිට අමතරව එයට ආසන්නව යමින් ඕස්ට්‍රේලියාවේ හිටපු නායක මයිකල් ක්ලාක්, මහේල ජයවර්ධන, බ්‍රයන් ලාරා සහ ග්‍රැහැම් ස්මිත් ද නායකයන් ලෙස ටෙස්ට් ලකුණු 150, හත් වතාවකදී ඉක්මවා ගොස් තිබේ.

1949 දී නයිට් පදවිය ලැබීම - එම ගෞරවයට පාත්‍ර වූ එකම ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා, ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

1979 දී ඔස්ට්‍රේලියාවේ ඉහලම සම්මානය වන ඕඩර් ඔෆ් ඔස්ට්‍රේලියා ("Order of Australia") සම්මානය හිමිකරගෙන ඇත.

Latest Posts