හසිත බෝයගොඩගෙන් ලෝක වාර්තාවක්

ක්‍රීඩා
Typography

19 න් පහල යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය නවසීලන්තයේදී පැවැත්වෙන අතර මෙහිදී ශ්‍රීලංකාව සහ කෙන්යාව අතර පළමු අර්ධ අවසන් පුරවා තරඟයේදී හසිත බෝයගොඩ පන්දු 182 කදී ලකුණු 191 ක් රැස්කළ අතර එය 19 පහල ක්‍රීඩකයෙකු එක්දින තරඟයකදී රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ඉතිහාසගත වේ.

 

මෙහිදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකාව පන්දුවාර 50 තුල කඩුලු 4 ක් දැවී ලකුණු 419 රැස්කළ අතර හසිත-191,නිශාන් මදුශංක-60,නායක කමිදු මෙන්ඩිස්-53 රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෙන්යානු කණ්ඩායම ඕවර 35.5 කදී සියලුදෙනා දැවී ලබාගත හැකිවුවේ ලකුණු 108 ක් පමණි .පන්දු කවිමේදී හරින් බුද්ධික ලකුණු 27 ට කඩුලු 4 හා නිපුන් මාලිංග ලකුණු 14 ට කඩුලු  2 ක් ලබාගත්තේය.

මේ අනුව ශ්‍රීලංකා කණ්ඩායමට ලකුණු 311 ක ජයක් හිමිවිය.

මෙවර තරගාවලියට කණ්ඩායම් 16 ක් ඉදිරිපත්ව සිටින අතර අයි සී සී පූර්ණ සාමාජිකත්වය දරන ඔස්ටේ‍්‍රලියාව / බංග්ලාදේශය / එංගලන්තය / ඉන්දියාව / නවසීලන්තය / පකිස්ථානය / දකුණු අප‍්‍රිකාව / ශ‍්‍රී ලංකාව / කොදෙව් පිල හා සිම්බාබ්වේ කණ්ඩායම ඇතුලත්’ මේ අතර දෙවන පෙල ක‍්‍රිකට් රටවල් අතරින් නැමීබියාවත් මහද්වීප මට්ටමින් නැගී එන කන්ඩායම් ලෙස ඇෆ්ගනිස්ථානය / කෙන්යාව / කැනඩාව / පැපුවා නිව්ගිනියාව හා අයර්ලන්තයද තරගාවලියට ඇතුලත්ව සිටියි.

Latest Posts

Face Book Setup 01