ශ්රී ලංකාව තුන්කොන් සටන ජයගනි

ක්‍රීඩා
Typography

බංග්ලාදේශයේදී පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී බංග්ලාදේශය ලකුණු 79 කින් පරාජය කළ ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින්  තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල නියමිත ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 221 ක් ලබාගත්තේය. මෙහිදී උපුල් තරංග ලකුණු 56 යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 45 ක් සහ දික්වැල්ල ලකුණු 42 ක් ලබාගත්තේය

බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 142 කට දැවී ගියේය.

ඒ අනුව සිම්බාබ්වේ, බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර පැවැත්වුණු තුන්කොන් සටනේ කිරුළ හිමිකරගැනීමට ශ්රී ලංකා පිළට හැකි වීය.

Latest Posts

Face Book Setup 01