T20: කණ්ඩායමට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ක්‍රීඩා
Typography

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙක සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

විස්සයි විස්ස නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ අබාධ තත්ත්වය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහු මෙම තරගාවලියට සහභාගී නොවන අතර ඒ අනුව විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට ලබාදී තිබේ.

දිනේෂ් චන්දිමාල්ගේ මන්දගාමී පිතිකරන රටාව විස්සයි විස්ස තරග සඳහා සුදුසු නොවන බව පවසමින් පසුගිය කාලයේ විස්සයි විස්ස කණ්ඩායමෙන් ඔහු ඉවත්කර ලැබ තිබුණි.

බංග්ලාදේශයේ දැනට පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසන්වූ වහාම විස්සයි විස්ස තරග දෙක පෙබරවාරි 15 හා 18 යන දිනයන්හි පැවැත්වීමට නියමිතව ඇත.

විස්සයි විස්ස තරග සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වරට 2013 වසරේ විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ 35 හැවිරිදි තුනිරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් එක්කර තිබීම විශේෂත්වයකි.

2015 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ස්ථානයක් හිමිනොවූ අතර දේශීය තරගවල තුනිරියව්වෙන්ම දැක්වූ දක්ෂතා ඔහුට නැවත කණ්ඩායමේ ස්ථානයක් හිමිකරදී තිබේ.

ඊට අමතරව දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩසේ, අමිල් අපොන්සෝ හා වේග පන්දු යවන ඉසුරු උදානට කණ්ඩායමේ යළි අවස්ථාව හිමිව තිබේ.
අබාධයකට ලක්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ද යළි කණ්ඩායමට එක්ව සිටියි.

කෙසේ වෙතත් පසුගිය කාලයපුරාවටම කණ්ඩායමේ ස්ථානයක් අහිමිව සිටින ලසිත් මාලිංගට මෙවර ද කණ්ඩායමේ ස්ථානයක් හිමව නොමැත.

විශේෂයන්ම විස්සයි විස්ස තරගවල ඔහුට ස්ථානයක් හිමිවනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවී තිබුණි.

ලසිත් මාලිංග තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පුහුණුවීම්වලට සම්බන්ධවන අතර එළඹෙන ශ්‍රී ලංකා නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය සඳහා කණ්ඩායමට එක්වීම ඉල්ලක්ක කරගනිමින් ඔහු පුහුණුවීම් වල යෙදෙමින් සිටියි.

bbc

Latest Posts

Face Book Setup 01