සංගක්කාර නිසා හොංකොං බ්ලිට්ස් කණ්ඩායම අවසන් තරඟයට

ක්‍රීඩා
Typography

හොංකොං බ්ලිට්ස්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගය ඊයේ (10 වැනිදා) පැවැති අතර එහිදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ වේගවත් ලකුණු 94 ක් රැස් කිරීම නිසා ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් තරගයට රැගෙන යෑමට හැකි විය.අවසන් පූර්ව තරගය "සිටි කයිතක්" කණ්ඩායමට එරෙහිව පැවැති අතර සංගක්කාරගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමිවිය.

හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කරමින් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය සංගක්කාර, හයේ පහර 7 කින් සහ හතරේ පහර 6 කින් ලකුණු 94 ක් රැස් කළ අතර ඔහුට වැය වූයේ පන්දු 56 ක් පමණි.

සිටි කයිතක් කණ්ඩායම - ඕවර 18.1 කදී සියලු දෙනා දැවී 136
(කයිල් කොයෙට්සර් 24, ජෙමී ඇට්කින්සන් 17, රවී බොපාරා 37, රයද් එමිර්ට් 18, ජේඞ් ඩර්න්බැච් 21/3, ජෙම්ස් ෆ්‍රෑන්ක්ලින් 24/3)

ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායම - ඕවර 18.2 කදී 5 ක් දැවී 139
(කුමාර් සංගක්කාර නොදැවී 94, කැමරන් ඩෙල්පොට් 15, සැමුවෙල් බද්‍රි 12/3)

Latest Posts

Face Book Setup 01