තුනට එකක් ලෙස ටෙස්ට් ජය දකුණු අප්‍රිකාවට

ක්‍රීඩා
Typography

ඔස්ට්‍රේලියාවට නායකයා සහ උප නායකයා අහිමි වූ ආන්දෝලනාත්මක  ඔස්ට්‍රේලියා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය තුනට එකක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ.



අද අවසන් වූ  දෙරට අතර  සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 492 ක ජයක් හිමිකර ගැනීමට  දකුණු අප්‍රිකාව  අද සමත් විය.

තරඟයේ පළමු ඉනිම  දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබා ගත් ලකුණු 488 ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 221  ලබා ගත් අතර දෙවන ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 344 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 612 ක ඉලක්කයක් හිමි වුණා.

කෙසේවෙතත් තරඟයේ පස්වන සහ අවසන් දිනය වන අද දිනයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 119 ක් තුළ දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය.

මෙම තරඟාවලියේ තෙවන තරඟයේදී පන්දුව පළුදු කල බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තිදෙනෙකුට තරඟ තහනමට ලක් වීමටද සිදු විය.

Latest Posts