පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනු තිදෙනා ලංකාවට

ක්‍රීඩා
Typography

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං ක්‍රීඩක කණ්ඩායම, ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ(15) රාත්‍රී  ශ්‍රී ලංකාවට පැමිණියේය.



 ශ්‍රී ලංකාවට පදක්කම් දිනා ගෙන පැමිණි අනූෂා කොඩිතුවක්කු , ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ යන බොක්සිං ක්‍රීඩකයින් මෙලෙස පැමිණියේය..

 ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවැත් විය.
ඒ සඳහා හිටපු අමාත්‍ය සී.බී.රත්නායක, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයේ මෙන්ම , ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය, නෑදෑ හිතවතුන් පිරිසක් ද එයට සහභාගි විය.

තුන් වන ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ මහනුවර ප්‍රදේශයේ පදිංචි, 24 හැවිරිදි තිවංක රණසිංහය.

මෙහිදී අදහස් දැක්වූ තිවංක පවසා සිටියේ, රන් පදක්කමක් ගෙන ඒම තම බලාපොරොත්තුව වු අතර, එය ලබා ගැනීමට නොහැකි වීම ගැන තමා කණගාටු වන බවත් තමාගේ මීළඟ බලාපොරොත්තුව 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල බවත්ය.

Latest Posts