රන්ජන් ආනන්දප්පා හෙවත් රන්ජන් ආනා අප අතරින් නික්ම ගියේය.සන්ඩේ ඔබ්සර්වර් පුවත් පතේ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස සේවය කරමින් සිටියදී කලක් අසනීප තත්ත්වයෙන් පෙලුනු ඔහු මිය ගියේ 69 හැවිරිදි වියේ පසු වද්දීය.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාවේ ධර්මසාලාහිදී ඊයේ  (10 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගත් ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට හැකි විය. පිට පිට එක්දින තරග 12 ක් පරාජයට පත්වි සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග ජය ගැනීම ඉමහත් සැනසිල්ලක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පවසයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඒ අනුව ලබන දෙසැම්බර් 20 වෙනි දින ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more ...
Write comment (0 Comments)

සිංගප්පූරුවේ දී පැවැති හත්වැනි ජාතික කෙටි දුර පිහිනුම් ශූරතාවලියේ දී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සිංගප්පූරු ජාතික වාර්තාවක් සහ ශ‍්‍රී ලංකා ජාතික වාර්තා 5ක් බිඳ දැමීමට ශ‍්‍රී ලංකාවේ පිහිනුම් ශූර චෙරන්ත ද සිල්වා සමත් විය.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාවේ දිල්ලි නුවර පවතින අධික දුමාරය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විඳින්නට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ICC ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වී ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු ඉන්දියාව බලා පිටත්වීම සඳහා ගුවන්තොටුපළ දක්වා ගොස් සිටියදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින්ඔවුන් නැවත කැඳවනු ලැබ තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිල්ලි අගනුවර පැවැත්වෙන තුන්වෙනි ටෙස්ට් තරගය අධික දුමාරය හේතුවෙන් වරින් වර නවතා දැමීමට සිදුවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට සහ විවාදයකට තුඩු දී තිබේ.

Read more ...
Write comment (0 Comments)

ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා පත්කර ඇත.මිට සුළු මොහොතකට  පෙර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති  මාධ්‍ය හමුවේදී නිල වශයෙන් දැනුම්දී ඇත.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී  ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ දරුණුතම පරාජය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග පැවති දෙවෙනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 239 පරාජය විය.

Read more ...
Write comment (0 Comments)