2024 ඔලිම්පික් තරගාවලිය පැවැත්වීම සඳහා පැරිස් නගරයට ඉඩ දෙමින් තමන් 2028 වසරේ ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් අපේක්ෂකත්වය ඉදිරිපත් කරන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය නිවේදනය කළේය.

Read more ...
Write comment (0 Comments)

ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ 14 වැනි ස්ථානයට පමණක් ළඟාවීමට ශ්‍රීලංකාවට සිදුවිය. ඉරාකයට එරෙහිව ඊයේ  (31 වැනිදා) පැවැති ශ්‍රේණිගත කිරීමේ තරගයකදී වට 3-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 14 වැනි ස්ථානය හිමිවිය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (26 වැනිදා) සවස තරඟය නතර කරන විට ඉන්දියාව සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 399 ක් ලබා සිටියහ.

Read more ...
Write comment (0 Comments)

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ලෝඩ්ස් පිටියේ පැවැත්වුන කාන්තා ක්‍රිකට් ජගත් කුසලානයේ ජයග්‍රහණය අත්කර ගැනීමට ඊයේ(23)  එංගලන්ත කණ්ඩායම සමත්විය.
මෙවර තරගාවලියේ සත්කාරක එංගලන්තය කාන්තා ලෝක කුසලානය හිමිකරගත් සිව් වෙනි වතාව මෙයයි.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එකම ටෙස්ට් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදවා කඩුලු හතරක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (18 වැනිදා) සමත් විය.සිම්බාබ්වේ කණ්ඩායම ලබාදුන් ලකුණු 388 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.

Read more ...
Write comment (0 Comments)

ලන්ඩන් නුවර පැවති ලෝක පැරා මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත අද (15) උදෑසන සමත් විය.

Read more ...
Write comment (0 Comments)

මෙරට පාපන්දු ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් එම ක්‍රීඩාව සඳහා අත්‍යාවශ්‍ය අයිතමයන්ට පනවා ඇති තීරු බදු ඉවත්කර ගැනීම සඳහා තමන් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. සත්හඬ වෙත ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

Read more ...
Write comment (0 Comments)

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කරමින් කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර දිනය අවසානයේ කඩුලු 8 දැවී ලකුණු 344 ලබා ගැනීමට සමත් විය.

Read more ...
Write comment (0 Comments)

2009 වසරේ පකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි තමන්ද ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සිය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර නැගූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

Read more ...
Write comment (0 Comments)