2022 දී චීනයටත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්

විදෙස්
Typography

වර්ෂ 2022 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය සැලසුම්කර තිබේ. එහි මූලික පියවර වශයෙන් අද (17) දිනයේදී ගගනගාමීන් දෙදෙනෙකු රැගත් ෂෙන්ෂු 11 නම් අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ ගත කරන ලදි.

ඔවුන් දෙදෙනා දින 30ක් පුරා අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල නිරත වීමට නියමිතය.

මෙම වසර තුළ චීනය ක්‍රියාත්මක කළ තුන්වන අභ්‍යවකාශ ගවේෂණය මෙය වේ. චන්ද්‍රයා වෙත සහ අගහරු ග්‍රහයා වෙත මිනිසුන් රැගෙන යාම පිළිබදව මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.

china space1