“රතු අලියා“ ඇමරිකාවේ මුල් පුටුවට

විදෙස්
Typography

ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වීමට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව තිබේ.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ට්‍රම්ප් ආසන 276 ක් ලබාගෙන ඇති අතර හිලරි ක්ලින්ටන් හිමිකර ගෙන ඇත්තේ ආසන 218 ක් පමණි.

ඇමරිකානු ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා යම් අපේක්ෂකයකු ආසන 270 ක් හිමි කර ගත යුතු වේ.

ජනාධිපතිවරණ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ යැයි සැලකෙන ෆ්ලොරිඩා, ඔහායෝ, උතුරු කැරොලිනාව සහ ආයොවා යන ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගනු ලැබ ඇත.

එක්සත් ජනපදය පුරා ඉතා ඉහළ මට්ටමකින් ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වී ඇති බව වාර්තා වේ.

US Election

Latest Posts

Face Book Setup 01