කාබුල් නුවර කාර් බෝම්බ ප්‍රහාරයක් 24 මියයයි

විදෙස්
Typography

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර බටහිර කොටසේ ස්ථානයක රජයේ සේවකයන් ගමන් ගනිමින් සිටි බස් රථයකට තලේබාන් සංවිධානය අද (24) එල්ල කරන ලද ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් 42 ක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

බස් රථයට එල්ල වී ඇත්තේ කාර් බෝම්බ ප්‍රහාරයක් වන අතර උදෑසන 7ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.පසුගිය දින කීපය පුරා තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.  ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් හි බටහිර කොටසේ මෙම ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය ෂියා හසාරා වාර්ගික සුළු ජාතිකයන් වෙසෙන භූමියකි.මීට පෙර අවස්ථා කීපයකදීම  ෂියා හසාරා වාර්ගික ජන කොටස ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වී තිබේ. 

පසුගිය2016 වසරේ ජූලි 24 වැනිදා කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් 84 දෙනකු මියගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර එහිදි ඉලක්ක  වූයේ හසාරා ජන කොටසේ සාමාජිකයන් ය.මෙම 2016 වසරේ ප්‍රහාරයේ සංවත්සර සිහිකිරීමට  සූදානමින් සිටියදි මෙම ප්‍රහාරය එල්ල විය 
මෙම 2016 ප්‍රහාරය අයි.එස් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ දියත් කරන ලද පළමු ප්‍රහාරය ලෙසින් හදුන්වයි.

Latest Posts

Face Book Setup 01