සම්බාධක පැනවීම වෙනුවෙන් "එකට එක" කරනව-උතුරු කොරියාව

විදෙස්
Typography

තම රටට එරෙහිව නව සම්බාධක පැනවීම වෙනුවෙන් "එකට එක" කරන බවට උතුරු කොරියාව තරයේ කියා සිටී.

අලුතින් තහංචි දැමීම හේතුවෙන් "එක්සත් ජනපදය විසින්ම වන්දි ගෙවීම සිදුවන ආකාරයට" තමන් කටයුතු සලස්වන බවට උතුරු කොරියාව සපථ කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඒකඡන්දයෙන් සම්මත කරනු ලැබූ මෙම සම්බාධක තම රටේ "ස්වෛරීභාවය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක්" බව උතුරු කොරියාවේ KCNA නිල පුවත් සේවය පවසයි.

මේ අතරතුර දකුණු කොරියාව කියා සිටියේ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා තමන් කළ යෝජනාව "අවංක යෝජනාවක් නොවන" බව පවසමින් උතුරු කොරියාව විසින් ප්රකතික්ෂේප කරනු ලැබ ඇති බවය.

පසුගිය සෙනසුරාදා (අගෝස්තු 05) පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් උතුරු කොරියාවේ අපනයන ආදායම තුනෙන් එකකින් පහත වැටෙනු ඇත.

මෙම තහංචි පැනවීම සිදුවූයේ කලාපයේ දේශපාලන තත්වය උණුසුම් කරමින් උතුරු කොරියාව විසින් මිසයිල අත්හදා බැලීම් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුවය.

"මෑත ඉතිහාසයේ, ඕනෑම රටකට පනවන ලද බරපතළ ම තහංචි මාලාව" මෙය බව එක්සත් ජාතීන් වෙනුවෙන් සිටින ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවාය.

එක්සත් ජනපදයේ තර්ජන හමුවේ, තම "ආත්මාරක්ෂාව වෙනුවෙන් පවතින න්යයෂ්ටික ආරක්ෂණය" සාකච්ඡා මේසය මත තැබීමට සුදානමක් නොමැති බව උතුරු කොරියානු රාජ්යන පුවත් සේවය නිවේදනය කළේය.

නව සම්බාධක කෙටුම්පත් කිරීමට එක්සත් ජනපදය දායක වීමේ "අපරාධයට දහස් වාරයක් වන්දි ගෙවීමට" සලස්වන බවට උතුරු කොරියාව අනතුරු අඟවා සිටියේය.

bbc

Latest Posts

Face Book Setup 01