රටවල් 80 කට වීසා නොමැතිව කටාර් රාජ්‍යයට ඇතුළුවීමට අවස්ථාව

විදෙස්
Typography

ගුවන් ගමන් හා සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීම හේතුවෙන් වීසා බලපත්‍ර නොමැතිව කටාර් රාජ්‍යයට ඇතුළුවීමට රටවල් 80 කට අවස්ථාව ලබාදීමට එරට රජය තීරණය කර තිබේ..

එම රටවල්  80 අතරට සිංගප්පූරුව නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියාවද ඇතුළත් බව සඳහන්.

කටාර් රාජ්‍යය මෙම තීරණය ගෙනඇත්තේ ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යය සමඟ තානාපති සබඳතා අත්හැරීමෙන් අනතුරුව එරට ගුවන් ගමන් හා සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානවලට කටාරය සහය ලබාදෙන බවට චෝදනා කරමින් ජුනි මස 5 වනදා සිට ඊජිප්තුව / බහරේනය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුලු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යයට සම්බාධක පනවනු ලැබිය.

Latest Posts

Face Book Setup 01