"විකට නළුවා බ්‍රිතාන්‍ය අගමැතිවරිය පදවියෙන් නෙරපයි"

විදෙස්
Typography

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ (Theresa May) ඊයේ බදාදා (04) පාලක කොන්සර්වේටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනය අමතමින් සිටියදී වේදිකාව අබියසට ගොස් ඇය 'අගමැති පදවියෙන් ඉවත් කෙරෙන' බව සඳහන් ලිපියක් අගමැතිවරියගේ අතටම භාර දුන් පුද්ගලයා කිසිදු චෝදනාවකින් තොරව මුදා හරිනු ලැබ ඇත.

 

සයිමන් බ්‍රොඩ්කින් (Simon Brodkin) නමැති ඉංග්‍රීසි ජාතිකයා මැන්චෙස්ටර් නගරයේ පැවැත්වුන පක්ෂ සමුළුව අමතමින් සිටි අගමැතිවරිය අබියසට ගොස් ඇය අතටම දෙන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ වෘත්තිකයෙක් රැකියාවෙන් ඉවත්ව යන විටක හෝ නෙරපා හරිනු ලැබීමක දී ඔහු හෝ ඇයට දෙනු ලබන P45 අංකය දරන ලේඛනයකි.

අගමැතිනි තෙරේසා මේ වෙත එවැනි ව්‍යාජ ලිපියක් ඉදිරිපත් කරනු ලබන ආකාරය එක්සත් රාජධානියේ සියලුම ප්‍රධාන රූපවාහිනී නාලිකා මගින් සජීවී මට්ටමින් ප්‍රචාරය කෙරුණ අතර බදාදා සන්ධ්‍යාවේ පටන් බ්‍රහස්පතින්දා තෙක් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ප්‍රධාන සිරස්තලය බවට එය පත්ව ඇත.

bbc

Latest Posts

Face Book Setup 01