5000ක් නිරුවතින් සමරිසි විරෝධයේ

විදෙස්
Typography

ඇමරිකාවේ සියලුම සමකාමීන්ට විවාහවීමේ අයිතිය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුණි. මේ තීරණයට විරෝධය පළකිරීමට සමලිංගිකත්වයට විරුද්ධ කණ්ඩායමක් විසින්

එළඹෙන ජූලි 22 සහ 23 වන දෙදින කෙන්යාවේදී අපූරු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇත. ඒ බැරක් ඔබාමාගේ කෙන්යානු සංචාරය අතරතුර කාන්තාවන් සහ පිරිමින් 5000 ක් එක්ව සමකාමීන්ට විවාහවීම සඳහා ලබාදුන් අයිතියට එරෙහිව විරුද්ධතාවය ප්‍රකාශ කිරීමයි.

මෙහි නායක වින්සන්ට් කිඩලා විසින් කෙන්යාවේ පොලිස්පති වෙත පසුගිය 13 වනදා මේ බව දැනුම් දෙමින් සාමකාමී විරෝධතාවයකට අවසරය ඉල්ලා ඇත. මොවුන්ගේ මූලික අරමුණ වී තිබෙන්නේ සමලිංගික පිරිස්වලට ඇමරිකාව ලබාදුන් අවසරයට විරෝධතාවය ප්‍රකාශ කිරීම සහ පිරිමින් සහ ගැහැණුන් අතර තිබෙන වෙනස අවබෝධ කරවීමයි.

මෙම විරෝධතාවය උදෙසා එරට අභිසරුලියන් ද නොමිලේම සිය දායකත්වය ලබාදීමට සූදානම් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts