මාලදිවයින: රූපවාහිනී නාලිකාවක් වසා දැමේ

විදෙස්
Typography

මාලදිවයිනේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරන බවට සලකනු ලබන පුද්ගලයන් වෙත ආණ්ඩුව තවදුරටත් ගමන් කරමින් සිටියදී එරට රූපවාහිනී නාලිකාවක් වසා දැමීමට බලකෙරී තිබේ.

එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ සේවය නවතා දැමීමටත් මාලදිවයින් ආණ්ඩුව ක්‍රියා කළේය.'රාජ්ජේ' රූපවාහිනී සේවය නිවේදනය කළේ, තම කාර්ය මණ්ඩල සේවකයන්ට තර්ජන එල්ලවීමත් සමග සිය විකාශනය අත්හිටුවීමට සිදු වූ බවය.

මාලදිවයිනේ සේවයේ නිරත බ්‍රිතාන්‍ය සහ ඉන්දීය ජාතික මාධ්‍යවේදීන් දෙදෙනා, එරට සංක්‍රමණික නීති උල්ලංඝනය කර ඇති බව පොලිසිය පවසයි.

එම මාධ්‍යවේදීන් දෙදෙනා ඒඑෆ්පී පුවත් සේවයේ (AFP) මාධ්‍යවේදීන් දෙදෙනෙකු බව මූලාශ්‍ර මගින් පැවසේ.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් නව දෙනෙකු නිදහස් කරන ලෙස, මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමත් සමග එරට දේශපාලන උණුසුම ඉහළ ගොස් තිබේ.

විපක්ෂය "කුමන්ත්‍රණයක් දියත් කිරීමට" උත්සාහ කරන බව පවසමින් මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් විසින් පසුගිය 05 වෙනිදා එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එය දින 15 ක කාලයක් සඳහා බලපැවැත්වෙනු ඇති බවත් නිවේදනය කෙරිණි.
පවතින තත්ත්වය තවත් නරක අතට හරවනවා වෙනුවට මාලදිවයිනේ ස්වෛරී භාවයට ගරු කරන ලෙස චීනය පසුගියදා සෙසු රටවලින් ඉල්ලා සිටියේය.

චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් එසේ ඉල්ලා සිටියේ කෙටි දැනුම් දීමක් තුළ සිය හමුදා මාලදිවයින තුළ යෙදවීමට සුදානමින් සිටින බවට ඉන්දීය හමුදා නිලධාරියෙකු කළ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුවය.
bbc

Latest Posts

Face Book Setup 01