උතුරු කොරියාවට පැමිණෙන්නැයි දකුණු කොරියානු ජනාධිපතිට ආරාධනා ලැබිලා

විදෙස්
Typography

සියලුදෙනා විමතියට පත්කරමින් සාම සාකච්ඡා සඳහා උතුරු කොරියාවට පැමිණෙන්නැයි එරට නායක කිම් ජොන්ග් උන්ග් දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් වෙත ආරාධනා කර ඇතැයි දකුණු කොරියානු බලධාරීහූ පවසති.

අවසන් වරට දෙරටේ නායකයන් දෙදෙනකු මුණ ගැසුණේ 2007 වසරේදී වන අතර නායකයන් දෙදෙනා අතර සාකච්ඡා පැවත්වුවහොත් වසර 10කට පසු කොරියානු නායකයන් දෙදෙනා හමු වී සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය වනු ඇත.

පසුගිය වසරේදී බලයට පත්වූ දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් බලයට පැමිණියේම උතුරු කොරියාව සමඟ සාමකාමී ප්‍රවේශයකට පිවිසෙන බව ප්‍රකාශ කරමිනි.

උතුරු කොරියානු ජනාධිපතිවරයාගේ ආරාධනය රැගෙන එනු ලැබුවේ,ශීත ඍතු ඔලිම්පික් උලෙළට සහභාගීවීම සඳහා පැමිණි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නැගෙණිය වන කිම් යෝ ජොන්ග් විසිනි.
“උතුරු කොරියානු ජනාධිපතිවරයාට මා මුණ ගැසීමට අවශ්‍ය වී තිබෙනවා. අපි ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමු” යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් මෙහිදී පවසා ඇත.

ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගේ ආරාධනයා පිළිගත් බව දකුණු කොරියානු ජනාධිපති මන්දිර ප්‍රකාශයෙක් කීය.

Latest Posts

Face Book Setup 01