උතුරු කොරියානු නායකයා චීනයේ සොන් තාඕ හමුවෙයි

විදෙස්
Typography

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් චීනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන සොන් තාඕ පසුගිය දා  මුණ ගැසී ඇතැයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍යය ඊයේ (15) වාර්තා කළේය.



ලෝකයටම රහසක් ලෙස තබාගනිමින්  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය මාසයේදී චීනයේ සංචාරය කිරීමත් සමඟ දෙරට අතර සමීප සබඳතා වර්ධනය වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරයෙන් පසු සොන්ග් තාඕ ඇතුළු දූත පිරිසක් උතුරු කොරියාවේ සංචාරය කරමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ  සුබපැතුම් උතුරු කොරියා නායකයා වෙත පිළිගන්වා තිබේ.

උතුරු කොරියානු නායකයා චීන දූත පිරිස උණුසුම් අයුරින් පිළිගත්තේ යැයි උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

Latest Posts