"ළමා අපචාරය" ජීවන වෘත්තීය කරගත් කල්ලියක් හසුවේ

විදෙස්
Typography

නැගෙනහිර පකිස්ථානු ප්‍රදේශයේ ළමුන් සිය ගණනක් අපහරණය කළ කල්ලියකට අයත් පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙම කල්ලිය ළමුන් සිය ගණනක් අපහරණය කරමින් එම සිදුවීම් වීඩියෝ ගතකර ඒවා ළමුන්ගේ දෙමව්පියන්ට පෙන්වා කප්පම් ලබාගෙන ඇත. මෙම හේතුව නිසාම අතවරයට පත් ළමුන්ගේ දෙමව්පියන් මේ පිළිබඳ කිසිවෙකුට හෙළිකිරීමට බිය වී තිබේ.

මේ වනවිට පකිස්ථානයේ ගම්බද ප්‍රදේශවල ළමා අපචාර සුලබ දෙයක් බව පත්වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ පිලිබඳ එළිදැක්වූ පකිස්ථාන වාර්තාවකට අනුව 2014 වර්ෂයේ පමණක් ළමා අපචාර 3500ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් 67% ක් වාර්තා වී ඇත්තේ ගම්බද ප්‍රදේශ වලිනි. එමෙන්ම කැමරාවක් සහිත ජංගම දුරකථන ජනප්‍රිය වීමත් සමග අපචාර ඇසුරෙන් නිපදවූ කුඩා වීඩියෝ පට පකිස්ථානය තුලින් වාර්තා වීම ඉහල ගොස් තිබේ.

එසේම පකිස්ථාන මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම සිද්ධියට අදාළව වයස අවුරුදු 14ට අඩු ළමුන් ඇතුලත් වීඩියෝ පට සිය ගණනක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. පකිස්ථාන ළමා ආරක්ෂණ කාර්යාංශය පවසන්නේ මෙය එරට ඉතිහාසයේ වාර්තා වූ දරුණුම ළමා අපචාර සිදුවීම බවයි.