'google' යයි "Alphabet" එයි

විදෙස්
Typography

google නැති ලෝකයක් ගැන කොහොම හිතන්නද. ඒ තරම්ම google අපේ ජීවිතවලට බද්ධ වෙලා.කොහොම උනත් google තමන්ගෙ නම වෙනස් කරන්න යන බවයි ආරංචිය.

මෙච්චර කාලයක් google පැවතුනේ තනි සමාගමක් ලෙසයි. නමුත් ඉදිරියේදී google ආයතනය Alphabet නම් අලුතින්ම නිර්මාණය වූ සමාගමක් යටතේ පාලනය වීමට නියමිතයි. බයවෙන්න දෙයක් නෑ. google ඉදිරියටත් තමන්ගෙ සංකේතය google ලෙසම පවත්වාගෙන යමින් පුරුදු වැඩවලම නිරත වෙයි. ඒත් පාලනය වෙන්නෙ Alphabet හරහායි. මෙම සමාගම googleවලට අමතර තවත් එකිනෙකට වෙනස් ව්‍යාපාර රැසක් සිදු කරනවා.මේ අලුත් වෙනස පිළිබඳ අදහස් දක්වමින් google සමාගමේ නිර්මාතෘ ලැරී පේජ් පැවසුවේ මේ වෙනසත් සමග වඩා පුළුල් ලෙස google සමාගමේ කටයුතු ඉටු කිරීමට හැකිවෙනු ඇති බවයි.

ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් 1998 වසරේදී google නිර්මාණය කරනු ලැබුවේ විශ්ව විද්‍යාල සිසුන්ව සිටියදීයි. මේ නව වෙනසත් සමග ලැරී පේජ් Alphabet සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වන අතර google හි උප සභාපති ලෙස කටයුතු කළ සන්ඩර් පිචායි Alphabetහි ප්‍රධාන විධයක අධ්‍යක්ෂ ලෙස පත්වී ඇත. ඒවගේම Alphabet සමාගමේ සභාපති ලෙස සර්ජි බ්‍රින් කටයුතු කරනවා . Alphabet යන නම තේමේ හේතුව පැහැදිලි කරමින් ලැරී පේජ් සඳහන් කරන්නෙ ඒ හරහා භාෂාවක් සංකේතවත් කරනවා වගේම Alpha-bet යන තේරුමෙන් ආයෝජන තුළින් සාර්ථකත්වය ලැබීම සංකේතවත් වන බවයි.

Latest Posts

Face Book Setup 01