ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකාව ගත් තීරණය සෞදි අරාබිය හෙළා දැකීය.

සිය තීරණ පිළිබඳ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නිවේදනය "සාධාරණය කළ නොහැකි හා වගකීම් විරහිත" බව සෞදි අරාබිය කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමිනි.

Read more ...
Write comment (0 Comments)

ලිංගික අතවර සහ හිරිහැරවලට එරෙහිව නැගී සිටි "නිහඬ බව බිඳින්නෝ" නමින් හඳුන්වන කාන්තාවන් පිරිසක් "වසරේ පුද්ගලයා" ලෙසින් ඇමෙරිකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ටයිම් සඟරාව විසින් නම් කරනු ලැබ තිබේ.

Read more ...
Write comment (0 Comments)

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසලම් ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට සූදානම් බව ජ්‍යෙෂ්ඨ පරිපාලන බලධාරියෙකු පවසා තිබේ.

Read more ...
Write comment (0 Comments)

2018 වසරේ දී දකුණු කොරියාවේ ප්යොංචැන්ග්හි පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් (Winter Olympics)තරගාවලියෙන් රුසියාව ඉවත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීන්දු කර තිබේ.

Read more ...
Write comment (0 Comments)

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ අධ්‍යාපන ආයතනයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසකගේ වෙඩි පහරට ලක්ව අවම වශයෙන් නව දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.

Read more ...
Write comment (0 Comments)

උතුරු ඉන්දියාවේ හිමාල කදුවැටිය පාමුළ පිහිටි 'ලදාක්' ඉතා දුෂ්කර නමුත් සුන්දර වටපිටාවකට උරුමකම් කියන පළාතකි.

එහි වෙසෙන බහුතරය බෞද්ධයන් වන අතර ප්‍රදේශයේ ඇති බෞද්ධ ආරාම වෙත විදේශිකයෝ දහස් ගණනින් වසරක් පාසා පැමිණෙති.

Read more ...
Write comment (0 Comments)

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය නිවේදනය කරයි.

ඔටුන්නට හිමිකම් කියන රාජකීය පවුලේ සාමාජිකයන් අතර පස්වෙනි ස්ථානයේ පසුවන හැරී කුමරු ඇමරිකානු නිළියක වන මෙගන් මාකල් සමග මීළඟ වසන්තයේ දී අතිනත ගනු ඇත.

විවාහ වීමෙන් අනතුරුව ඔවුන් දෙපළ ලන්ඩනයේ පිහිටි කෙන්සිංටන් මාලිගයට අයත් නොටිංහැම් කොටේජ් මාලිගයේ වෙසෙනු ඇති බව ඉහත කී නිවේදනයේ දැක්වේ.

හැරී මෙගන් පෙම 2016 වසරේ ජුලි මස ආරම්භ වූ අතර ඔවුන් දෙපළ නොවැම්බර් මස විවාහ ගිවිස ගත්හ.

ඔවුන් දෙපළ ගේ විවාහ ගිවිස ගැනීම පිළිබඳ දැන සිට ඇත්තේ බ්‍රිතාන්‍ය රැජින සහ හැරී කුමරුගේ "සමීපතම පවුලේ සාමාජිකයන්" පමණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හැරී කුමරු කියා සිටියේ තමන් "මහත් ප්‍රීතියෙන්" යුතුව සිය විවාහ ගිවිස ගැනීම පිළිබඳ නිවේදනය කරන බවය.

එමෙන්ම විවාහය සඳහා සිය පෙම්වතියගේ දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබුණු බවත් හැරී කුමරු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

හැරී කුමරු සහ මෙගන් මාකල් පෙම්වතුන් යුවලක් වශයෙන් පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.

ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ කනිටු පුත් හැරී කුමරු 33 වෙනි වියේ පසු වෙයි.

Write comment (0 Comments)

නැගෙනහිර චීනයේ නින්ග්බෝ වෙරළබඩ නගරයේ හටගත් පිපිරීමකින් දෙදෙනෙකුවත් මරුමුවට පත්ව තවත් විශාල පිරිසකට තුවාල සිදු වී ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

Read more ...
Write comment (0 Comments)

නැගෙනහිර නයිජීරියාවේ 'අදමාවා' ප්‍රාන්තයේ එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

Read more ...
Write comment (0 Comments)

Latest Posts

Face Book Setup 01