එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වීමට කබීර් හෂිම් අමාත්‍යවරයා තීරණය කර ඇති අතර ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන් බව  කබීර් හෂිම් අමාත්‍යවරයා අද(05) දිනයේ  සඳහන් කළේය.

Read more ...
Write comment (0 Comments)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 76ක්ද, විපක්ෂව ඡන්ද 122ක්ද ලැබෙනු අතර නොපැමිණි මන්ත්‍රීන් සංඛ්‍යාව 26 වන අතර මේ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 46 කින් ජය ලබයි.

Write comment (0 Comments)

විශ්වාස භංගය ජයග්‍රහණයෙන් කෙළවර වුණොත් රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙන බව අපි දන්නවා. එය නොදැන අපි සහාය දෙනවා නෙමෙයි. රාජපක්ෂ කදවුරට උත්තේජනයක් ලැබෙන්න ආරක්ෂා කර දුන්නෙත් අගමැතිවරයා.

Read more ...
Write comment (0 Comments)

විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.

Read more ...
Write comment (0 Comments)

විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බවත්  මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read more ...
Write comment (0 Comments)

විශ්වාසභංග යෝජනාව හරහා යම් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරගන්නට යන බව පෙනෙන්නට තිබෙන බවත් ඉදිරිපත් කර ඇති චෝදනා නිශ්චිත නොවන බවත් එබැවින් විශ්වාසභංග යෝජනාව කෙරෙහි විශ්වාසයක් නොමැති බවද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවසීය.

Read more ...
Write comment (0 Comments)

ශ්‍රීලනිපය කැඩී බිඳීයාමට ඉඩ නොතැබීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සඳහා ඡන්ද විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරු තම ඡන්දය පක්ෂව හෝ විපක්‍ෂව පාවිච්චි නොකිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම.ෆවුසි  මහතා මුලින් පැවසුවද එය ප්‍රතික්ෂේප කරන බව ඇමති ලක්‍ෂ්මන් යාපා මහතා පවසයි.

Read more ...
Write comment (0 Comments)
Write comment (0 Comments)

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අද (04) ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ,රිෂාද් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය,අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්‍ෂ සහ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව එම පක්‍ෂ නායකින් පවසයි.

Read more ...
Write comment (0 Comments)